Alcatraz

මේකේ අල්කට්රා කියන්නේ 1963 දී විශේෂිත වූ සිරකරුවන් රදවාගෙන හිටිය සිර ගෙයක්. මේක පවත්වාගෙන යන්න වියදම් අධික වීම නිසා 1963 මාර්තු 21 වෙනිදා මේක වහලා දාන්න රජය තීරණය කරනවා. හැබැයි ඒ වෙනකොට මේකේ හිර කාරයෝ 303 ක් ඉන්නවා. මේක වහලා දාන්න අදාල නිළධාරීන් මොවුන්ව දූපතකට යවන්න හිතාගෙන සිරගෙදරට ගිහින් බලනකොට හිරකාරයෝ එක් කෙනෙක් වත් හිරගෙදර නැති බව දැනගන්න ලැබෙනවා. ඉතිං ඔන්න ඔහොමයි කතාව පටන් ගන්නේ. කතාව සේරම කියලා වැඩක් නෑනේ. ආ තව දෙයක් මෙම සිද්ධිය 1963 දී උනාට කතාව දිව යන්නේ වර්තමානයේදී. ඒ කියන්නේ මේ හිරගේ භාරව හිටපු උප බන්ධනාගාර භාරකාරයව මැරීමත් එක්ක. එම මිනිමැරුම හොයාගෙන යනකොට හිතාගන්න බැරි කරුණු අනාවරණය කරගන්නට මේ සම්බන්ධයෙන් පරීක්ෂණය කරන රහස් පරීක්ෂකවරිය වන රෙබෙකා මැඩ්සන්ට අනාවරණය කරගන්න පුළුවන් වෙනවා. ඉතිං ඇය විසින් අනාවරණය කරගන්නේ මොනවද? මේ පරීක්ෂණයට මොකක්ද වෙන්නේ කියලා මේ කතා පෙළ නැරඹීමෙන් ඔබට අනාවරණය කරගන්න පුළුවන් වේවි.