My Love From Another Star

මේ කතාව විකාශය වුනේ මේ අවුරුද්දෙමයි.(2014) ඒ වගේම මේක ටිකක් විතර වෙනස් විදියක කතාවක්. ඒ කියන්නෙ කතාවෙ පටන්ගැන්ම අවුරුදු 400ක් අතීතයට, ඒ කියන්නෙ කොරියාවෙ නම් ජෝසෙන් සමය දක්වා දිව යනවා. ඒ කාලයේ පෘථිවියට එන පිටසක්වල යානයකින් මගහැරෙන එක පිටසක්වල ජීවියෙක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නෙ. පිටසක්වළයකේ කිව්වට අපි වගේමයි. ඒත් එයාගෙ හැකියාව ගොඩක් වෙනස්. ඉතින් මේ පිටසක්වළ ජීවියාට අවුරුදු 400ක් බලන් ඉන්න වෙනවා තමන්ගෙ යානය නැවත එනකන්. ඒත් මෙයා වයසට නම් යන්නෙ නෑ. ඒකට හේතුවත් පස්සෙ දැනගන්න පුළුවන්. කතාව පටන්ගන්නෙ එයා තමන්ගෙ ලෝකෙට යන්න මාස තුනකට කලින්. එයා අවුරුදු 400කට කලින් ආපු වෙලාවෙ හම්බවුනු ගෑණූළමයෙක් මෙයාට ආයෙත් මේ කාලෙදිත් දකින්න ලැබෙනවා. ඒ තමයි මෙයා අතීතයෙ ආදරය කරපු එකම කෙනා. එයා කොහොමද මේ කාලෙට ආවෙ? කොහොමද එක වගේ දෙන්නෙක් කාල දෙකක ඉන්නෙ? මේ එයාට අවුරුදු 400කට කලින් හම්බවුනු කෙනාමද? ඇයි මෙයාව මේ වෙලාවෙම හම්බවුනේ? ඒ පිටසක්වළ ජීවියගෙ ඉරණම කොහොම විසදේවිද? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න කැමති අයටයි අකමැති අයටයි දෙගොල්ලන්ටම මම මේක බලන්න කියලා ආරාධනා කරනවා. මේක පිටසක්වළ ජීවියෙක් සම්බන්ධ කතාවක් නිසා සුපිරි හැකියාවන්, මායාවන් වගේ දේවල් ටිකකුත් බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම කියන්න ඕනෙ අනිත් කතාවල වගේ ඉවර වෙනකොටම නිවන්නෙ නැතුව අන්තිම වෙනකන්ම බලන්න. මම කිව්වෙ කතාව ඉවර වෙලා ඊළග කොටස ගැන පෙන්නන ඒවට පස්සෙ.