මෙවර කොටසින්..

ටිකක් පරක්කු උනා එකට සමාවෙන්න.මොකද හින්දි චිත්‍රපටි දෙකක්ම පසුගිය සතිවල දුන්න නිසා තමයි පොඩ්ඩක් ප්‍රමාද උනේ.හරි වැඩි කතාවක් නැතුව අදත් නයිට් රයිඩර් 4වැනි කොටස බලමු.නයිට් රයිඩර් කතාවල දවසට එක් කතාවක් පමණක් යන නිසා පසුගිය කොටස් නොබැලුවා කියලත් ගැටළුවක් වෙන්නේ නැහැ.එත් මුල ඉදන්ම බලන එක හොදයි නේ. අද කතාවෙන් වෙන්නේ මයිකල් හා එයාගේ කාර් එක කිට් එක්ක පොඩි නිවාඩුවක් ගත කරන්න කදු තියන පැත්තකට යනවා.ටිකක් නිදහසේ ගත කරන්න කියලා.නමුත් පසුගිය කතාවේ වගේම මයිකල් උණුවෙන හිතක් තියන කෙනෙක් කියලා ඔයාලා දන්නවනේ.එහෙම වෙන්නෙත් කවුරු ගාවදිද කියලා දන්නවනේ.කොහොම හරි තමන්ට අයිති නැති දේකට මේ පාරත් මයිකල් හා එයාගේ කාර් එක කිට් වත් පැටලෙනවා.මේ පාර හැප්පෙන්න වෙන්නේ තැනින් තැන යන බයිසිකල් කණ්ඩායමක්ම එක්ක.කිට් හා මයිකල්ගේ අතර වෙන රසවත් සිදුවිම් වගේම කිට් මයිකල්ව හැමැදාම වගේ කරන හොර වැඩ වලින් ඩේවිඩ් ඉස්සරහා බේරන හැටි මේ කතාවෙනුත් බලන්න පුලුවන්. පස්වැනි කොටසින් ඉක්මනින්ම මුණ ගැහෙමු එහෙනම්.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes