Touch Season 2

" ලෝකයේ ඉන්න අපි හැමෝම එකට සම්බන්ධ වෙලා ඉන්නෙ. අපි කරන සෑමදේකම ප්‍රථිපල අපි හැමෝටම වක්‍රාකාරයෙන් ලැබෙනවා. මේ සම්බන්ධය දකින්න පුලුවන් ලෝකයේ කීපදෙනෙක්ට විතරයි. ඒ සම්බන්ධය දකින්න පුලුවන් අයට අතීතය, වර්ථමානය වගේම අනාගතය දකින්නත් පුලුවන්. " මේ කතාව අපි කලින් පැවසුවා ඔබට මතක ඇති.ඔබගේ ඉල්ලිම් මත ටච් කතා මාලාවේ දෙවැනි අදියරත් ඔබ වෙනුවෙන් සමිප කරන්නයි මේ හදන්නේ.අපි දෙවැනි කතාමාලාව බලන්න කලින් පළමු කතාමාලාව ගැන පොඩ්ඩක් විපරම් කරලා බලමු. අපි මේ කතාව ගැන පොඩ්ඩක් බලමු. මෙහි ප්‍රධාන චරිතය මාටින් (කයිෆර් සදර්ලන්ඩ්) ගේ බිරිඳ මියගිහින්. ඇයට දාව උපන්න පුතාට වයස අවුරුදු 11යි. නමුත් කථා කරන්න බෑ. ඒ වගේම අධි සංවේදි ළමයෙක්. මොහුට, පටන්ගනිද්දිම කියූ විශ්ව සබඳතා පේනවා. ඒ නිසා ඔහුට අනාගතයේ සිද්දවෙන්න තියෙන දේවල් කියන්න පුලුවන්. ඒ අංක ක්‍රමයකින්. රටාවකින්. නමුත් එය කාටවත් තේරුම් යන්නේ නෑ. දරුවගේ ක්‍රියාකලාපය නිසා රජය ඔහුව වෙන්කර තබනවා. නමුත් කලක් යන විට ඔහුගේ පියා වන මාටින් බෝම් ට මෙහි රටාව තේරෙනවා. ඒක නිසා සිද්දවෙන්න ගිය බොහෝමයක් විනාශ වැලකෙනවා. ඒ විතරක් නෙවෙයි. මේවා සිද්ද වෙන අතරේ විවිධ සිදුවීම් එකිනෙකට සම්බන්ධ වෙනවා. කෙසේ වෙතත් මේ අමුතු සිදුවිම් නිසා මාටින් බෝම් තමන්ගේ පුතාව අහිමි විමේ අවදානම් එනවා. රජයේ අය හිතන්නේ මේ ළමයා මෙහෙම හැසිරෙන්නේ පියාගේ නොසැලකිල්ල නිසා කියලා. නමුත් ඇත්ත එය නොවේ. එක නිසා ළමා ආරක්ෂක දෙපාර්තුමෙන්තුවෙන් ළමයාව රැගෙන ගෙන මාටින් පොම් පලා යනවා. පළමු කතාමාලාව අවසාන වන්නේ අන්න ඒ තැනින්. අද එතැන් සිට.