Transporter

හැමෝටම සුබ දවසක් වේවා! අද ඔයාලට ගෙනාවේ තවත් අපුරු රූපවාහිනි කතාමාලවක් .2012 වසරේ විකාශ උන Transporter නම් රූපවාහිනි කතා මාලාවයි. Transporter චිත්‍රපට මාලාව නරඹලා ඇත්නම් , ඒ චිත්‍රපට මාලාවට ආශාකරනව නම් නිසැකවම ඔබ මේ කතා මාලාවට ආශාකරාවි. ක්‍රියදාම , අපරාධ යන ගණයට අයත් වන මෙම රූපවාහිනි කතා මාලාව රචනා කර ඇත්තේ Transporter චිත්‍රපට මාලාව රචනා කල Luc Besson සහ Robert Mark Kamen දෙදෙනා විසිනි. IMDB අගය 6.9 වන මෙම කතාමාලාව Stephen Williams විසින් අධ්‍යක්ෂණය කර ඇත. Chris Vance - ෆ්රැන්ක් මාර්ටින් ලෙසත් , Andrea Osvárt - කාර්ලා වැලරි ලෙසත්, François Berléand - ඉන්ස්පෙක්ටර් ටාර්කොනි, ලෙසත් රංගනයෙන් දායක වෙනවා

ෆ්රෑන්ක් මාටින් කියන්නේ කුලී ප්‍රවාහකයෙක්. ඔහු කුලියට ඕනම දෙයක් ඕනම තැනකට ප්‍රවාහනය කර දෙනවා.ට්‍රාන්ස්පෝටර් චිත්‍රපටි මාලාව නරඹලා තියනවා නම් ඔබ මේ ගැන දන්නවා උනත් ඇති.මෙසේ කුලියට ප්‍රවාහනය කරන ඇතැම් දෙවල් නිසා ෆ්රැන්ක්ට නොයෙක් නොයෙක් ගැටළු වලට මුණ දෙන්න සිදුවෙනවා.මේ ප්‍රශ්න වලට මුණ දෙන ආකාරය හා ක්‍රියාදාම වලින් පිරුණු කොටස් 12කින් තමයි ඔබවෙත අරන් එන්නේ.එහෙනම් මේ ට්‍රාන්ස්පෝටර් රැපවාහිනි කතාමාලාව රසවිදින දෙසට ඔබට ආදරයෙන් මතක් කරනවා.