CAST




හැමෝටම සුබ දවසක් වේවා! අද ඔයාලට ගෙනාවේ තවත් අපුරු රූපවාහිනි කතාමාලවක් .2012 වසරේ විකාශ උන Transporter නම් රූපවාහිනි කතා මාලාවයි. Transporter චිත්‍රපට මාලාව නරඹලා ඇත්නම් , ඒ චිත්‍රපට මාලාවට ආශාකරනව නම් නිසැකවම ඔබ මේ කතා මාලාවට ආශාකරාවි. ක්‍රියදාම , අපරාධ යන ගණයට අයත් වන මෙම රූපවාහිනි කතා මාලාව රචනා කර ඇත්තේ Transporter චිත්‍රපට මාලාව රචනා කල Luc Besson සහ Robert Mark Kamen දෙදෙනා විසිනි. IMDB අගය 6.9 වන මෙම කතාමාලාව Stephen Williams විසින් අධ්‍යක්ෂණය කර ඇත. Chris Vance - ෆ්රැන්ක් මාර්ටින් ලෙසත් , Andrea Osvárt - කාර්ලා වැලරි ලෙසත්, François Berléand - ඉන්ස්පෙක්ටර් ටාර්කොනි, ලෙසත් රංගනයෙන් දායක වෙනවා මෙම කතා මාලාවේ මුල්ම කොටසේ සිංහල උපසිරැසියි අද ඔබ වෙත ගෙනාවේ. මෙම කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. ෆ්රෑන්ක් මාටින් කියන්නේ කුලී ප්‍රවාහකයෙක්. ඔහු කුලියට ඕනම දෙයක් ඕනම තැනකට ප්‍රවාහනය කර දෙනවා. ඉතින් මෙවර ඔහුට ප්‍රවාහනය කර දෙන්න වෙන්නේ ඩීලියා නම් කාන්තාවක්. ඇයගේ පියා විවිධ අපරාධ සඳහා මැදිහත් වු පුද්ගලයෙකි.ඔහු සතුව සෙසු හවුල්කරුවන්ගේ ගණුදෙනු , අපරාධ , සියළු විස්තර ඇතුලත් පෙන් ඩ්‍රයිව් එකක් තියෙනවා. ඉතින් ඔහුගෙන් මෙම පෙන්ඩ්‍රයිව් එක ලබාගැනිම සඳහා යම් පුද්ගලයෙක් ඩීලියාව පැහැරගන්න හදනවා . ඒ අතර ඩිලියාගේ පියා ෆ්රෑන්ක් මාටින්ට කොන්ත්‍රාත්තුවක් දෙනවා ඩිලියාව ආරක්ෂිතව තම නිවසට රැගෙන එන්නට. පසුව ඔහු විවිධ බාධක මැද ඇය ඩිලියාගෙ පියාගේ නිවසට එක්ක එනවා. ඩිලියාව තම නිවසේ තියාගැනිම අනාරක්ෂිත යැයි සිතා ඇයගේ පියා නැවතත් ෆ්රැන්ක්ට ඩිලියාව පැරිස් වල ගුවන් යානයකට ඇරලවන්න කොන්ත්‍රාත්තුවක් ලබාදෙනවා. ඉතින් ෆ්රෑන්ක්ට ඇයව ආරක්ෂිතව පැරිසියට එක්ක යා හැකිවේද? ක්‍රියාදාම වලින් පිරි මෙම කොටස නරඹන්න හැමෝටම ආරාධනා කරනවා.ඊළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ජයවේවා !

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes