CAST




හැමෝටම සුබ දවසක් වේවා! පසුගිය කොටස ඔයාලා බලන්න ඇතිනේ. එම කොටස නරඹා අදහස් දැක් වු හැමෝටමත් , උපසිරැසිය බාගතකල හැමෝටමත්ස්තූති වන්ත වෙනවා . ඔන්න අද එහි දෙවන කොටස සිංහල උපසිරැසිත් සමඟ අරගෙන ආවා.

මෙම රූපවාහිනි කතා මාලාවේ මෙවර කොටසද රචනා කර ඇත්තේ Transporter චිත්‍රපට මාලාව රචනා කල Luc Besson සහ Robert Mark Kamen දෙදෙනා විසිනි. මෙවර කොටස IMDB අගය 7.1 ලබාගෙන ඇති අතර Andy Mikita සහ Brad Turner යන දෙදෙනා විසින් අධ්‍යක්ෂණය කර ඇත.

Chris Vance - ෆ්රැන්ක් මාර්ටින් ලෙසත් ,

Andrea Osvárt - කාර්ලා වැලරි ලෙසත්,

François Berléand - ඉන්ස්පෙක්ටර් ටාර්කොනි,

Mike Dopud - ඩ්‍රාගෝ සුජික් ලෙසත්, රංගනයෙන් දායක වෙනවා

එහෙනම් මෙම කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. ෆ්රෑන්ක් මාටින් කියන්නේ කුලී ප්‍රවාහකයෙක් බව ඔයාලා දන්නවනේ. මෙවරත් යමක් ප්‍රවාහනය කරන්න ඩ්‍රාගෝ සුජික් නම් පුද්ගලයෙක්ගෙන් ඔහුට කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා . ( ඩ්‍රාගෝ සුජික් කියන්න අපරාධ මෙහෙයවන ප්‍රධානියෙක්.) එය ප්‍රවාහනය කරමින් යන අතරතුර ෆ්රෑන්ක් මාටින්ට,ඉන්ස්පෙක්ටර් ටාර්කෝනි මාර්ගයෙන් දැනගන්න ලැබෙනවා එය අවුරුදු 14 ක ළමයෙකුට බද්ධ කිරිමට සුදානම් කල හදවතක් බවත්, එය තමන්ගේ පුතාට බද්ධකිරිම සඳහා ඩ්‍රාගෝ සුජික් විසින් සොරකන් කරගෙන තමා ලව්වා ප්‍රවාහනය කරගන්න බවත්. පසුව ඔහු තේරුම්ගන්න හදවත සුදුසු කෙනාට ලැබිය යුතු බව.ඉතින් ෆ්රැන්ක් මාටින්ට සිදුවෙනවා ඉතා ඉක්මණින් එම හදවත අධාල ළමයාට බද්ධ කිරිම සඳහා රැගෙන යාමට. ඩ්‍රාගෝ සුජික්ගේ මැරවරයන්ගෙන් ගැලවි, නියමිත වෙලාවට රෝහලට හදවත රැගෙන යන්න ෆ්රෑන්ක්ට හැකිවේද? ළමයව බේරගන්න ඔහුට හැකිවේද ? ක්‍රියාදාම වලින් පිරි මෙම කොටසත් නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඊළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ජයවේවා !

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes