CAST




හැමෝටම සුබ දවසක් වේවා! පසුගිය කොටස ඔයාලා බලන්න ඇතිනේ. එම කොටස නරඹා අදහස් දැක් වු හැමෝටමත් ,උපසිරැසිය බාගතකල හැමෝටමත් ස්තූති වන්ත වෙනවා .ඔන්න අද එහි තෙවන කොටස සිංහල උපසිරැසිත් සමඟ අරගෙන ආවා.

මෙම රූපවාහිනි කතා මාලාවේ මෙවර කොටසද රචනා කර ඇත්තේ Transporter චිත්‍රපට මාලාව රචනා කල Luc Besson සහ Robert Mark Kamen දෙදෙනා විසිනි. මෙවර කොටස IMDB අගය 7.6 ලබාගෙන ඇති අතර Andy Mikita විසින් අධ්‍යක්ෂණය කර ඇත.

Chris Vance - ෆ්රැන්ක් මාර්ටින් ලෙසත් ,

Andrea Osvárt - කාර්ලා වැලරි ලෙසත්,

François Berléand - ඉන්ස්පෙක්ටර් ටාර්කොනි,

Mike Dopud - ඩ්‍රාගෝ සුජික් ලෙසත්, රංගනයෙන් දායක වෙනවා

එහෙනම් මෙම කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. මැක්ස් කයිබර් නම් සාහසික, මනෝව්‍යාධි සිතුවම් එකතු කරන්නෙක් මිල කල නොහැකි අග්‍රකෘතියක් ප්‍රවාහනය කිරිම සඳහා ෆ්රෑන්ක්ව කුලියට අරගන්නවා. ඔහු ප්‍රවාහනය කර දුන් අග්‍රකෘතිය ව්‍යාජ එකක් බව කයිබර් අනාවරණය වෙනවා . ෆ්රැන්ක් එහි මුල්කෘතිය සොරකම් කල බවට කයිබර් සැක කරනවා. කයිබර් ෆ්රැන්ක්ව රඳවගෙන ප්‍රශ්ණ කරන්න ගන්නවා . ෆ්රෑන්ක් එතනින් පලා යනවා . සැබෑ සිතුවම ගැන විස්තර සොයාගෙන යනකොට ෆ්රෑන්ක්ට රෙබේකා පිසාරෝව හමුවෙනවා . ඇයගේ පවුලේ අයටයි සැබෑ සිතුවම අයිති. ඉතින් මේ සැබෑ සිතුවම රෙබේකාට සොයා දෙන්නට ෆ්රෑන්ක් ස්වෙච්චාවෙන්ම කැමති වෙනවා . ඉතින් රෙබේකාගේ උදව් ඇතිව මැක්ස් කයිබර්ගේ බාධක හමුවේ ෆ්රෑන්ක්ට මෙම සැබෑ සිතුවම සොයාගන්න පුළුවන් වෙයිද ?ක්‍රියාදාම වලින් පිරි මෙම කොටසත් නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඊළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ජයවේවා !

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes