CAST




හැමෝටම සුබ දවසක් වේවා! පසුගිය කොටස ඔයාලා බලන්න ඇතිනේ. එම කොටස නරඹා අදහස් දැක් වු හැමෝටමත් , උපසිරැසිය බාගතකල හැමෝටමත් ස්තූති වන්ත වෙනවා . ඔන්න අද එහි හතරවෙනි කොටස සිංහල උපසිරැසිත් සමඟ අරගෙන ආවා.

මෙම රූපවාහිනි කතා මාලාවේ මෙවර කොටසද රචනා කර ඇත්තේ Transporter චිත්‍රපට මාලාව රචනා කල Luc Besson සහ Robert Mark Kamen දෙදෙනා විසිනි. මෙවර කොටස IMDB අගය 7.6 ලබාගෙන ඇති අතර Andy Mikita විසින් අධ්‍යක්ෂණය කර ඇත.

Chris Vance - ෆ්රැන්ක් මාර්ටින් ලෙසත් ,

Andrea Osvárt - කාර්ලා වැලරි ලෙසත්,

François Berléand - ඉන්ස්පෙක්ටර් ටාර්කොනි,

Mike Dopud - ඩ්‍රාගෝ සුජික් ලෙසත්, රංගනයෙන් දායක වෙනවා

එහෙනම් මෙම කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. ෆිලඩෙල්ෆියා වලදි ෆ්රෑන්ක්ට ජැක් පර්කින්ස්ව හමුවෙනවා . ජැක් පර්කින්ස් CIA එකේ හිටිය උපදේශකයෙක්. ඒවගේම ඔහු අන්ධ පුද්ගලයෙක් . CIA එකේ විශේෂ ව්‍යාපෘතියක රහස් ලිපිලේඛණ වල තොරතුරු පිටවිමක් සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට පත්වෙනවා . ජැක් පර්කින්ස් නිර්දෝෂයි කියලා ෆ්රැන්ක් හිතනවා. ඉතින් මෙවර ෆ්රැන්ක්ගේ රාජකාරිය වෙන්නේ ජැක් සමඟ රහස් තොරතුරු පිටවිම සිදුකල පුද්ගලයන් ගැනත් ඊට අධාල සාක්ෂි ඇතුළත් USB ඩ්‍රයිව් එකක් සොයා යාමටයි. ඉතින් මෙම USB ඩ්‍රයිව් එක ෆ්රෑන්ක්ට සොයාගන්න පුළුවන් වෙයිද? ජැක් පර්කින්ස්ව සියළු චෝදනාවන්ගෙන් නිදහස්කරගන්න පුළුවන් වෙයිද ?ක්‍රියාදාම වලින් පිරි මෙම කොටසත් නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඊළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ජයවේවා !

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes