CAST




හැමෝටම සුබ දවසක් වේවා! පසුගිය කොටස ඔයාලා බලන්න ඇතිනේ. එම කොටස නරඹා අදහස් දැක් වු හැමෝටමත් , උපසිරැසිය බාගතකල හැමෝටමත් ස්තූති වන්ත වෙනවා . ඔන්න අද එහි හතරවෙනි කොටස සිංහල උපසිරැසිත් සමඟ අරගෙන ආවා.

මෙම රූපවාහිනි කතා මාලාවේ මෙවර කොටසද රචනා කර ඇත්තේ Transporter චිත්‍රපට මාලාව රචනා කල Luc Besson සහ Robert Mark Kamen දෙදෙනා විසිනි. මෙවර කොටස IMDB අගය 7.6 ලබාගෙන ඇති අතර Andy Mikita විසින් අධ්‍යක්ෂණය කර ඇත.

Chris Vance - ෆ්රැන්ක් මාර්ටින් ලෙසත් ,

Andrea Osvárt - කාර්ලා වැලරි ලෙසත්,

Charly Hübner - ඩීටර් ලෙසත්,

Mark Ivanir - සර්ජෙයි ෂැරොව් ලෙසත්,

Daniel Fathers - ජිමි රීවිස් ලෙසත්, රංගනයෙන් දායක වෙනවා

එහෙනම් මෙම කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. සර්ජෙයි ෂැරොව් කියන පුද්ගලයා විසින් මෙවර ෆ්රෑන්ට ලබා දුන්න නවතම රාජකාරිය වැරදෙනවා. ඔහුගෙ අතින් ඔහු ප්‍රවාහනය කල මත්ද්‍රව්‍ය පැකේජය නැතිවි යනවා. ඔහුගේ පරණ SAS යාළුවන් පිරිස එනම් ජිම් රීවිස්ගේ කණ්ඩායම ඔහුව උඟුලකට අසුකර ගෙන මත්ද්‍රව්‍ය පැකේජය රැගෙන පලා යනවා . ජිම් රීවිස්, සර්ජෙයි ෂැරොව් අමතා කියනවා ෆ්රැන්ක් මත්ද්‍රව්‍ය පැකේජය අරන් පලා ගියා කියලා .ඉතින් ෆ්රෑන්ක්ට ඔහුගේ නිර්දෝෂිභාවය ඔප්පු කිරිම සඳහා ජිම් රීවිස්ගේ කණ්ඩායම සොයාගෙන යනවා.පරණ SAS යාළුවන් කණ්ඩායම එනම් ජිම් රීවිස්ගේ කණ්ඩායම ෆ්රෑන්ක්ව උඟුලකට අසුකරගන්න හේතුව මොකක්ද ? ෆ්රෑන්ක්ට ඔහුගෙ නිර්දෝෂිභාවය ඔප්පුකරන්න හැකිවෙයිද? ක්‍රියාදාම වලින් පිරි මෙම කොටසත් නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඊළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ජයවේවා !

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes