CAST




හැමෝටම සුබ දවසක් වේවා! පසුගිය කොටස ඔයාලා බලන්න ඇතිනේ. එම කොටස නරඹා අදහස් දැක් වු හැමෝටමත් , උපසිරැසිය බාගතකල හැමෝටමත් ස්තූති වන්ත වෙනවා . ඔන්න අද එහි හතරවෙනි කොටස සිංහල උපසිරැසිත් සමඟ අරගෙන ආවා.

මෙම රූපවාහිනි කතා මාලාවේ මෙවර කොටසද රචනා කර ඇත්තේ Transporter චිත්‍රපට මාලාව රචනා කල Luc Besson සහ Robert Mark Kamen දෙදෙනා විසිනි. මෙවර කොටස IMDB අගය 7.6 ලබාගෙන ඇති අතර Andy Mikita විසින් අධ්‍යක්ෂණය කර ඇත.

Chris Vance - ෆ්රැන්ක් මාර්ටින් ලෙසත් ,

Andrea Osvárt - කාර්ලා වැලරි ලෙසත්,

Charly Hübner - ඩීටර් ලෙසත්,

Delphine Chanéac - ජුලියට් ලෙසත්,

Jonathan Whittaker- පීටර් ඔබැනන් ලෙසත්, රංගනයෙන් දායක වෙනවා

එහෙනම් මෙම කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. මිසයිල කොන්ත්‍රාත්තුවක් ලබාගැනිම සඳහා ගැනුම් කරුවන් තිදෙනෙකුට සිදුවෙනවා යුරෝ මිලියනය බැගින් දකුණු ප්‍රංශයේ නගරයක ඉන්න යම් පුද්ගලයෙක් වෙත ගෙනිහින් දෙන්න . ඉතින් ඔවුන් තිදෙනා ප්‍රවාහකයින් තිදෙනෙක් කුලියට අරගන්නවා . මුලින්ම යුරෝ මිලියනයගෙනිහින් දෙන ප්‍රවාහකයාව කුලියට ගත්ත කෙනාටයි කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ. ඉතින් මෙම ප්‍රවාහකයින් තිදෙනාගෙන් එක් අයෙක් ෆ්රෑන්ක් මාටින්. යුරෝ මිලියනයක් ප්‍රවාහනය කරන පුවත ඉතා ඉක්මණින් අවට පැතිරෙනවා . විවිධ කොල්ලකරුවන් එම මුදල් කොල්ලකන්න උත්සහ කරනවා . ඉතින් මෙම කොල්ල කරුවන්ගෙන් බේරිලා ෆ්රෑන්ක්ට යුරෝ මිලියනය ප්‍රවාහනය කර දෙන්න පුළුවන් වෙයිද ? ෆ්රෑන්ක්ට අනිත් ප්‍රවාහකයින් දෙදෙනාව පරාද කරන්න පුළුවන් වෙයිද ? ක්‍රියාදාම වලින් පිරි මෙම කොටසත් නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඊළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ජයවේවා !

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes