CAST




හැමෝටම සුබ දවසක් වේවා! පසුගිය කොටස ඔයාලා බලන්න ඇතිනේ. එම කොටස නරඹා අදහස් දැක් වු හැමෝටමත් , උපසිරැසිය බාගතකල හැමෝටමත් ස්තූති වන්ත වෙනවා . ඔන්න අද එහි හතරවෙනි කොටස සිංහල උපසිරැසිත් සමඟ අරගෙන ආවා.

මෙම රූපවාහිනි කතා මාලාවේ මෙවර කොටසද රචනා කර ඇත්තේ Transporter චිත්‍රපට මාලාව රචනා කල Luc Besson සහ Robert Mark Kamen දෙදෙනා විසිනි. මෙවර කොටස IMDB අගය 7.6 ලබාගෙන ඇති අතර Andy Mikita විසින් අධ්‍යක්ෂණය කර ඇත.

Chris Vance - ෆ්රැන්ක් මාර්ටින් ලෙසත් ,

Andrea Osvárt - කාර්ලා වැලරි ලෙසත්,

Charly Hübner - ඩීටර් ලෙසත්,

Moon Dailly - ට්‍රීනා ලෙසත්,

Björn Thors - ලී ලූප්ලෙසත්, රංගනයෙන් දායක වෙනවා , රංගනයෙන් දායක වෙනවා

එහෙනම් මෙම කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. මෙවර ෆ්රෑන්ක්ට සිදුවෙන්නේ ඩීටර්ගේ යාළුවෙකුගේ ( ට්‍රීනා) වැඩක් කරලා දෙන්නයි. ඇය ෆ්රෑන්ක්ව කුලියට ගන්නේ එංජින් මූලකෘතියක් පැරීසියට ප්‍රවාහනය කරගන්නයි. එම එංජින් මූලකෘතිය ට්‍රීනාගේ පියා විසින් නිර්මාණය කල ඉන්ධන පරිභෝජනය අවම කරවන මෙන්ම වාහනයේ වේගය වැඩිකරවන උපාංගයක්. ඉතින් මෙම උපාංගය පැරීසියේ වාහන ප්‍රදර්ශණයකට ගෙන යාමේ වගකිම ෆ්රෑන්ක්ට පැවරෙනවා . මෙම උපාංගය පැරිසියට එන එක වලක්වන්න ජර්ගන් නම් පුද්ගලයෙකුට අවශ්‍ය වෙනවා. එම කාර්‍යය සඳහා ඔහු ලී ලූප් නම් පුද්ගලයෙක්ව කුලියට ගන්නවා. ඉතින් මේ ලී ලූප් නම් මැරවරයාගේ කණ්ඩායමෙන් බේරිලා ෆ්රෑන්ක්ට ට්‍රීනා සහ ඉන්ධන අවම කරවන මෙන්ම වාහනයේ වේගය වැඩිකරවන උපාංගය පැරීසියට ආරක්ෂිතව ප්‍රවාහනය කර දෙන්න පුළුවන් වෙයිද? ක්‍රියාදාම වලින් පිරි මෙම කොටසත් නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඊළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ජයවේවා !

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes