CAST




හැමෝටම සුබ දවසක් වේවා! පසුගිය කොටස ඔයාලා බලන්න ඇතිනේ. එම කොටස නරඹා අදහස් දැක් වු හැමෝටමත් , උපසිරැසිය බාගතකල හැමෝටමත් ස්තූති වන්ත වෙනවා . ඔන්න අද එහි හතරවෙනි කොටස සිංහල උපසිරැසිත් සමඟ අරගෙන ආවා.

මෙම රූපවාහිනි කතා මාලාවේ මෙවර කොටසද රචනා කර ඇත්තේ Transporter චිත්‍රපට මාලාව රචනා කල Luc Besson සහ Robert Mark Kamen දෙදෙනා විසිනි. මෙවර කොටස IMDB අගය 7.6 ලබාගෙන ඇති අතර Andy Mikita විසින් අධ්‍යක්ෂණය කර ඇත.

Chris Vance - ෆ්රැන්ක් මාර්ටින් ලෙසත් ,

Andrea Osvárt - කාර්ලා වැලරි ලෙසත්,

Charly Hübner - ඩීටර් ලෙසත්,

මෙවර ෆ්රෑන්ක්ට සිදුවෙන්නේ ටංස්ටන් ආරක්ෂිත ආයතනයේ සිට පැකේජයක් ප්‍රවාහනය කිරිමටයි. ඒත් එම පැකේජය බාරදිය යුතු ලිපිනයක් නැත. එහෙත් මෙම පැකේජය අරගන්න තවත් පිරිසක් ෆ්රෑන්ක්ගේ පස්සෙන් පන්නනවා. ඉතින් ෆ්රෑන්ක්ට සිදුවෙනවා එම පැකේජය විවෘත්‍ර කර බලන්න. එහි තිබෙන්නේ සිම් කාඩ් පතක්. ඔහු එම සිම් කාඩ්පත භාවිතයෙන් පැකේජය බාරදිය යුතු පුද්ගලයා ගැන තොරතුරු සොයන්න ගන්නවා. එහෙත් සිම් කාඩ් එකේ සඟවා තිබු පින්තූර වගයක් සහ විඩියෝ එකක් ෆ්රෑන්ක් සොයාගන්නවා. ඉතින් මේ පින්තූර සහ විඩියෝ එක මොකකට අධාල එකක්ද ? වෙනත් පිරිසකට එය අවශ්‍යය වෙන්නේ ඇයි? ෆ්රෑන්ක් ඉදිරියට කරන්න යන්නේ මොනාද කියලා බලන්න, ක්‍රියාදාම වලින් පිරි මෙම කොටසත් නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඊළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ජයවේවා ! ජයවේවා !

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes