CAST




ඔන්න එහෙනම් මේ සීසන් එකෙත් අවසානයට තමයි අද ඇවිල්ලා තියෙන්නේ. අද කතාවෙත් ප්‍රේක්ෂකයාගේ තීරණත් වෙනස් කරමින් කතාව අවසානයට ලංවෙනවා. මම දන්න හැටියට නම් වෝකින් ඩෙඩ් වල සීසන් 6 වෙනි එක එනවා කිව්වාට තවම දිනයක් ප්‍රකාශ කරලා නැහැ. ඉතිං මාස ගානක් ඉන්න වෙයි. සොම්බි කතාවලට ඇබ්බැහි වුන කට්ටියට මේක හෙනම හෙන පාඩුවක් වේවි. ලංකාවෙ වැඩි දෙනෙක් මේ කතා මාලාව බැලුවෙ නැති වුනාට පිටරට අතිශයින්ම ජනප්‍රියකතාවක් තමයි වෝකින් ඩෙඩ් කියෙන්නේ. මාත් සොම්බි කතාවලට අකමැති වුනත් කතාවෙ අමුතුම ගතියක් තියෙන නිසා අරගෙන බලන්න හිතුනේ. ඒ දවස් වල නම් මේ කතාවට සබ් දුන්නෙ අපේ නවීන් රන්දික සහෝදරයා. ඒත් අන්තිමේදි මම සබ් දාන කතාවක් බවටත් මේක පත්වුනා. ඉතිං මෙච්චර දුර වෝකින් ඩෙඩ් කතාමාලාව ඇවිල්ලත් එහි රසටය නම් අඩුවක්වෙලා නැහැ. අද මේ අවසාන සීසන් එකේ අන්තිම කොටස. වෝකින් ඩෙඩ් කතාමාලාවේ අනිවාරයෙන්ම සිටිය යුතු චරිත කිහිපයක් ඉන්නවා නේ. රික්, ග්ලේන්, මැගී වගේ අය අනිවාරයෙන් කතාවෙ ඉන්නම ඕන. ඒත් ග්ලේන්ව හා රික්ව සොම්බිලා ටිකක් අල්ලගන්න අවස්ථාවක් එනවා. ඒ කියන්නේ ග්ලේනුයි, රික් නුයි මැරේවිද?, එයාලාට පස්සේ චරිතය ගෙනියන්නේ රික්ගෙ පුතාද? අද අවසාන කොටසත් සමඟ මමත් සමුගන්නවා. ඊළඟ සීසන් එක ආපු සැනින්ම සියලූම කොටස් වල උපසිරැසි ලබාදෙන පොරොන්තුවත් සමඟ අදට යන්නම් එහෙනම්. හැමෝටම සුබ දවසක්.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes