spot_img
spot_img

Charlie Chaplin 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2002 වසරේ තිරඟතවු Charlie Chaplin චිත්‍ර‍පටියේ දෙවැන්න තමයි මේ දිඟහැරෙන්නේ… මේක ඉතින් පලවෙනි චිත්‍ර‍පටියට නම් කොහොමත්ම අදාල වෙන්නේ නැහැ. නම විතරයි 2 කියලා තියෙන්නේ කතාව වෙනස් එකක්. මෙය අධ්‍යක්ෂණය කරන්නේ Sakthi Chidambaram විසින්… 2019 ජනවාරි 25 වැනිදා තමයි මේක තිරඟත විම ආරම්භ කලේ… මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස ඔයාලා කවුරුත් දන්න Prabhu Deva,Nikki Galrani හා Adah Sharma රංඟනයෙන් දායක වෙනවා. මේක ඉතින් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ කොමඩි චිත්‍ර‍පටියක් කියලා. තීරු (Prabhu Deva) හා සාරා (Nikki Galrani) විවාහ වෙන්න ඉන්න දෙන්නෙක්… කොහොම හරි තිරුට යාළුවෙක්ගේ මාර්ඟයෙන් දැනගන්න ලැබෙනවා සාරා කියන්නේ වටේම කොල්ලෝ ඉන්න නැට්ටිචිකාර කෙල්ලේ කියලා. මේක දැනගන්න ලැබෙන්නෙත් තීරු හොද අඩියක් ගහලා ඉන්න වෙනවක… දෙපාරක් හිතන්නේ නැහැ තිරු සාරාට බැනලා බැනලා මැසේජ් එකක් යවනවා. නමුත් පස්සේ තමයි දැනගන්නේ ඒ ආරංචිය වැරැදියි කියලා. දැන් සාරාට ගිය පණිවිඩය සාරා බලන්න කලින් සාරාගේ ෆොන් එක උස්සලා මකන්න තමයි තිරු හා එයාගේ යාළුවා ට්‍ර‍යි කරන්නේ. ඉතින් මං මේ කිව්වාට වඩා තවත් කලබගැනි මේ ච්‍ත්‍ර‍පටියේ වෙනවා. පැය දෙකක් හොදට හිනාවේවි බලන්න නම් අනිවාර්යෙන්ම මේ චිත්‍ර‍පටිය ඔයාලට හරි යාවි. අනිවාර්යෙන්ම ටැමිල්රොකර්ස් නම තියන කොපිය ගන්න එකේ ඉංග්‍රිසි හාඩ්කොඩ් සබ් එකක් නැති නිසා පාඩුවේ බලන්න පුලුවන් වේවි. එහෙනම් මං යනවා ආපහු හොද චිත්‍ර‍පටියකින් හමුවෙමු

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Charlie.Chaplin2.(2019).Sinhala.Subtitle.rar – Downloaded 685 times – 41 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram