spot_img
spot_img
More

    Farrey (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Farrey (2024) Sinhala Subtitle

     

    තවත් හින්දි චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ. මේක පවුලේ සැමටම බලන්න පුලුවන් හොද ත්‍රිලර් හා එන්ටර්ටෙයිනින් චිත්‍රපටියක්. ඒ වගේම සත්‍ය සිදුවිම් අනුසාරයෙන් නිර්මාණය කරපු එකක්. පසුගිය වසරේ Filmfare Awards හි හොදම නැගි එන නිළිය සම්මානය මේ චිත්‍රපටිය වෙනුවෙන් හිමි උනා. ඒක දිනාගත්තේ Alizeh Agnihotri විසින්. මිට අමතරව මේ චිත්‍රපටියේ Ronit Roy හා Arbaaz Khan රංඟනයෙන් දායක වෙනවා…

    චිත්‍රපටිය ගැන කිව්වොත්… විභාග කියන්නේ අපි හැමෝටම මහා එපා කරපු මාතෘකාවක් නේ. පාඩම් කරන්නයි පාඩම් කලත් විභාගයට ගිහින් උත්තර ලිව්වාත් හිතපු තරම් ලකුණු ආවේ නැති උනාම හිත අවුල් යන්නයි මේ සේරම ප්‍රශ්න ගොඩක් නේ. හැබැයි පාඩම් නොකර විභාගේටත් ලකුණු 75කට වඩා එනවා නම් ඒක නියමම දෙයක් නේද? නියති කියන්නේ ඉන්දියාවේ 10 වසරේ විභාගේ (ලංකාවේ OL විභාගය වගේ) ලකුණු වැඩියෙන්ම අරන් පළවෙනියා උන කෙනා. මේ නිසා ඇයට ශිෂ්‍යත්වයක් ලැබෙනවා ඉන්දියාවේ හොදම පෞද්ගලික පාසලක ඉගෙන ගන්න. මේ පාසලේ ඉගෙන ගන්න හැම ළමයෙක්ම ලොකු ලොකු සල්ලිකාරයෝ. හැබැයි මේ ළමයින්ගේ දැනුම නම් එච්චර නැහැ. නියතිට නම් විභාග කියන්නේ මහා ලොකු දේවල් නෙමෙයි. ලකුණූ 100ම ගන්න එක ඇයට ලොකු දෙයකුත් නෙමෙයි. නියතිට පාසලට ගිය ගමන් යාළුවෙක් හම්බවෙනවා ඇය තමයි චාවි. චාවිට හැමදාම ලකුණු 50 මට්ටමේ තමයි ඉන්නේ.. එක පාරක් චවිට නියති විභාගේ හොර කරලා ලියන්න උදව් කරනවා. මේ නිසා ඇයට හොද ලකුණු මට්ටමක් එනවා. මේ නිසා ඇයගේ තාත්තා පවා සතුටු වෙනවා. ඒ නිසා ඇය තිරණය කරනවා නියතිගෙන් දිගටම මේ විදියට උදව් ගන්න.. හැබැයි මේ උදව්ව සිමාවෙන් එහාටම යනවා. මොකක්ද මේ සිමාවෙන් එහාටම යනවා කිව්වේ… ඒක දැනගන්න චිත්‍රපටිය අරන් බලන්නම වෙනවා. අරන් බැලුවාට කමක් නැහැ හැබැයි මේකේ තියනවා වගේ විභාගේ කොපි කරන්න නම් යන්න එපා.. එහෙනම් හමුවෙමු තවත් චිත්‍රපටියකින්. හැමෝටම සුභ දවසක්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති ටැමිල්එම් වී එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Farrey (2024) සිංහල උපසිරැසි” Farrey.(2024).Sinhala.Subtitle.rar – Downloaded 1368 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි .
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. ස්තූතියි දර්ශන සහෝ උපසිරැසියට….
      ස්තූතියි උපසිරැසිකරනය අත්හරින්නෙ නැතිව ඉදල හිටල හරි අපිට බලන්න මූවී සීරිස් අරං එනවට…..

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram