spot_img
spot_img

Feel the Beat (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ චිත්‍රපටිය 2020 ජූනි මාසයේ ආපු චිත්‍රපටියක්.මේක අධ්‍යක්ෂණය කරලා තියන්නේ Elissa Down ඒ වගේම මේක Netflix චිත්‍රපටියක්.මේකේ ප්‍රධාන චරිතේ තමයි එප්‍රිල්..එප්‍රිල්ගේ චරිතෙට පන පොවන්නේ Sofia Carson.

ඒ වගේම මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 6.3 ක අගයක් ලබා ගෙන තියෙනවා. rotten tomatoes අගයත් 47% ක්. පටන් ගත්ත වෙලේ ඉදන් අවසානය වෙනකන් කම්මැලි නැතුව හිනා වේවි බලන්න පුළුවන් චිත්‍රපටියක් මේක.

කතාව ගැන කිව්වොත් එප්‍රිල් බ්‍රෝඩ්වේ වල සාර්ථකත්වය අපේක්ෂා කරන නර්තන ශිල්පිනියක්. එයා ඉතා හොද නර්තන ශිල්පිනියක්…එයත් එයා ගැන මෙහෙම තමයි හිතාගෙන ඉන්නේ…වැහි කුණාටුවක් මැද වයසක ගෑනු කෙනෙක්ගේ කැබ් එකක් උදුරාගෙන තමයි එයා ඔඩිෂන් වලට එන්නේ.ඉතින් ඔඩිෂන් ආවට පස්සේ එප්‍රිල් තේරෙනවා. ටිකක් වෙලා ගියාට පස්සේ වයසක ගෑනු කෙනෙක් හොදටම තෙමිලා එතනට එනවා. එතකොට තමයි දැනගන්නේ අර කැබ් එකට පොරකද්දි තල්ලු කරලා දාලා ආපු වයසක ගැණූ කෙනා තමයි මේ ෂෝ එකේ අනුග්‍රාහකයා කියලා. ඒ වයසක ගෑනු කෙනා තමයි රූත් සිමර්. ඉතින් රූත් සිමර් කියනවා මින් පස්සේ එප්‍රිල් ට කිසිම ෂෝ එකකට සහබාගි වෙන්න දෙන්නේ නෑ කියල පොරොන්දුවෙනවා කියලා. එප්‍රිල් රූත් සිමර්ට පැහැදිලි කරන්න යන අතරේ අහම්බෙන් රූත් සිමර් ස්ටේජ් එකෙන් වැටෙනවා.ඉතින් මේ සිද්ධිය සමාජ මාධ්‍ය වලත් ඉක්මනින් පල වෙනවා. පස්සෙ එප්‍රිල්ට ආයෙත් එයාගෙ ගමට යන්න සිද්ධ වෙනවා.

එප්‍රිල් ගමට ගිහින් මොනා කරයිද? එයා බ්‍රෝඩ්වේ හීනෙ කොහොම හැබෑ කරගනීද? ඉතින් කතාව ගැන මම වැඩිය කියන්න යන්නේ නෑ එතකොට කුතුහලය නැති වෙන නිසා මම බලපු චිත්‍රපටි වලින් හොදම එකක් විදිහටයි මට නම් දැනෙන්නේ. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා මේක රසවිදින්න කියලා

 

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Feel the Beat (2020) සිංහල උපසිරැසි” Feel.the.Beat.(2020).Sinhala.Subtitle.rar – Downloaded 1568 times – 1,019 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

හෂිනි දිසානායක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. පළමු උපසිරැසියට සුභ පැතුම්!
    බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    තවත් උපසිරැසියකින් හමුවෙමු!
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram