spot_img
spot_img

Happy Death Day 2U (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සෑහෙන්න කාලෙකට පස්සේ ආවා එනකල්ම මමත් බලාගෙන හිටපු ෆිල්ම් එකක්. හැපි ඩෙත් ඩේ එක බැලුවා මතක ඇතිනේ කට්ටියට? විකාර වුනා නේද ඒක බලලා. මෙන්න ඒකේ 2වැනි ෆිල්ම් එක. 2019 පෙබරවාරි 19 වැනිදා තමයි ඇමරිකාවේ තිරගතවීම පටන් ගත්තෙ මේක. ඩොලර් මිලියන 9ක් වියදමින් හදපු මේ චිත්‍රපටියට සෑහෙන්න මහන්සිවෙන්න වෙලා තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හිතන්නකෝ එකම සීන් එක එකම විදියට කී සැරයක් නම් කරන්න ඇතිද හරියටම එනකල්? ඉතිං කොහොමහරි බොක්ස් ඔෆිස් ආදායම මේකේ ඩො.මි.64ක්.

කලින් ෆිල්ම් එකේදි කෙල්ලා? ට්‍රී මතකයි නේද? එයා ඇහැරෙනකොට දොර ඇරගෙන ආපු කාටර්ගේ යාලුවා? එයා තමයි රයන්. ෆිල්ම් එක පටන් ගන්නේ රයන් එයාගේ වාහනෙන් ඇහැරිලා එන එකකින්. එතන ඉඳලා කතාව පෙන්වන්නේ රයන්ගේ පැත්තෙන් වුන දේවල් ටික. රයන් විද්‍යා ව්‍යාපෘතියක් කරනවා එයාලගේ කොලේජ් එකට අදාලව. හැබැයි වැඩි කාලයක් ගතවෙන්නේ නෑ. රයන්ව මැරෙනවා. මැරෙනවා නෙවෙයි මරනවා. ඔවු අර බබා මූණ දාපු කෙනාම තමයි රයන්වත් මරන්නේ. රයන් ආයේ ඇහැරෙනවා 19 වැනිදා දවසෙන්. රයන්ට තේරෙනවා එවෙලෙම මොකක්හරි ලොකූ අවුලක් කියලා. මේක ගැන ට්‍රී සහ කාටර් එක්ක කිව්වම ට්‍රී පැහැදිලි කරනවා එයා 18 වැනිදා දවසෙම ජීවත්වුන සිද්දිය ගැන. ආයේ එදා අර බබා මූණා එනවා. මිනීමරුවා. ඇවිත් රයන්ව මරන්න හැදුවත්, ට්‍රී කොහොමහරි එයාව අල්ලගන්නවා. එයාගේ මූණ ගලවලා බලනකොට ඉන්නේ රයන්වමයි. පිස්සු වගේද? ඔවු ඉතින් මේ චිත්‍රපටිය හදලා තියෙන්නෙත් එහෙම පිස්සු හැදෙන්න තමා. කතාව හරිම ලස්සනට මේකෙදිත් යනවා. කලින් එකේ වගේම තමා. ඇත්තටම මොකක්ද සිද්දවුනේ කියලා මේ ෆිල්ම් එකේදි පෙන්වනවා. ඒ කිව්වේ ට්‍රී 18 වැනි සඳුදා දවසෙම හැමදාම ජීවත්වුන එක ගැන.

එවගේම දැන් ෆිල්ම් වල ගොඩක් ජනප්‍රිය න්‍යායකුත් මේකෙදි මතුවෙනවා. බලන්නකෝ එහෙනම්. මට ඊමේල් එවනවනම් pramod@zoom.lk එකෙනුත්, නැත්නම් මාව ෆේස්බුක් එකෙනුත් සම්බන්ධ කරගන්න පුලුවන් ඔයාලට. කට්ටියටම ජයවේවා! තෙරුවන් සරණයි!

 

Happy Death Day (2017) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Happy.Death.Day.2U.2019.Sinhala.Subtitle.rar – Downloaded 488 times – 31 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ප්‍රමෝද් ඉන්දුනිත්
pramod@zoom.lk | + posts

Sri Lankan 🇱🇰 Matara 🌊
Xiaomi Fan 📱Mi8 user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram