spot_img

Hawaa (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Crime/thriller/comedy ගණයට අයත් චිත්‍රපටයකට තමයි අද උපසිරසි අරගෙන ආවේ.2019 අගෝස්තු මස නිකුත් වුන මෙම චිත්‍රපටයට 8.3 ක imdb අගයක් වගේම 78%ක ගූගල් පරිශීලකයන්ගේ කැමත්තක්ද හිමිවෙලා තියෙනවා. මුළු චිත්‍රපටයම රූගත කරල තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකයි. චිත්‍රපටයට රගපෑමෙන් දායක වෙලා තීයෙන්නේ තෙලුගු රසිකයින්ට හුරුපුරුදු පිරිසක් නෙවෙයි. තෙලුගු නළු නිළියන්ට අමතරව විදේශීය නළු නිලියන් පිරිසකුත් මෙම චිත්‍රපටයේ දක්නට ලැබෙනවා.

කතාව පැත්තට චුට්ටක් ගියොත් මේක අපරාධ රැසක් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන විහිළුසහගත කතාවක්. චාර්ලි කියන්නේ පොඩි කාලෙදිම අම්ම තාත්ත අක්ක එක්ක ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය කොල්ලෙක්.නමුත් ගිහින් මාස 10කට පස්සෙ එයාගෙ අම්මයි තාත්තයි ඇක්සිඩන්‍ට් එකකින් නැති වෙලා චාර්ලියි අක්කයි තනිවෙනවා.පොඩි කාලෙදිම හැම වැරදි වැඩක්ම චාර්ලි කරන්න පටන් ගන්නවා.ඔය අතරේ චාලිගේ යාළුවෙක් ඉන්නවා මයිකි කියලා.ඒ යාළුවා තමයි ඕස්ට්‍රේලියාවේ ඉන්න සූක්ෂම මැරයෙක් වන බිජිලිබායිගේ සේප්පුව බලාගන්න කෙනා. අශ්ව රේස් එකක තරග පාවාදීමක් ගැන චාර්ලිට ආරංචිවෙලා ඒකට ඔට්ටු දාන්න එයා මයිකිත් එක්ක එකතුවෙලා බිජිලිබායිගේ සල්ලි අරගන්නවා.නමුත් අවාසනාවකට වගේ එයාල ඔට්ටුව පරදිනවා.ඉන් පස්සෙ තමයි කතාව නියමෙටම ගලාගෙන යන්නේ.බිජිලිබායි එයාලව අල්ලගනීවිද?කියන ප්‍රශ්නය ඔයාලටම ඉතුරුකරන්නම්.. ඔය එක කතාවක් විතරයි.නමුත් මේ චිත්‍රපටයේ තවත් අපූරු කතා ටිකක් තියෙනවා. ඒ කතා ටිකත් බලන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

අවසාන වශයෙන් ඔයාලට චිත්‍රපටය බලන්න කියල ආරාධනාකරමින් මම අදට සමුගන්නවා හැමෝටම බුදුසරණයි!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram