spot_img

Citadel : S02 E06 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Citadel : S02 E06 Sinhala Subtitle

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලන් හිටපු ‘Citadel’ (සීටඩෙල්) දෙවෙනි සීසන් එකේ සිංහල උපසිරැසි අරන් ආවා. මුලින්ම අපි පළවෙනි සීසන් එකේ මොකද වුණේ කියලා පොඩ්ඩක් මතක් කරගමු.

සීසන් 1 ගැන මතක් කිරීමක්:

සීටඩෙල් කියන්නේ කිසිම රටකට අයිති නැති, මුළු ලෝකෙම ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරන රහස් ඔත්තු සේවයක්. හැමදේම අවුල් වෙන්නේ ‘මැන්ටිකෝර්’ (Manticore) කියන නපුරු සංවිධානයෙන් සීටඩෙල් එක ඇතුළෙන්ම විනාශ කරන නිසා. ඒ ප්‍රහාරයෙන් පස්සේ මේකේ හිටපු දක්ෂතම ඒජන්තයෝ දෙන්නෙක් වෙන මේසන් කේන් (Richard Madden) සහ නාඩියා සින් (Priyanka Chopra Jonas) ගේ මතකය සම්පූර්ණයෙන්ම නැති වෙනවා.

අවුරුදු 8ක් යනකල් තමන් කවුද කියලා දන්නේ නැතුව සාමාන්‍ය ජීවිත ගත කරපු මේ දෙන්නාව, බර්නාඩ් ඕර්ලික් (Stanley Tucci) ආයෙත් හොයාගෙන ලෝකය බේරගන්න එකතු කරගන්නවා. පළවෙනි සීසන් එක ඉවර වුණේ ලොකු කුතුහලයක් ඉතිරි කරලා. විශේෂයෙන්ම මේසන්ගේ අතීතය ගැන හිතාගන්න බැරි රහසක් එළිදරව් කරමින්.

ඉතිං සීසන් 2 එක එතන ඉදලා තමයි ආරම්භ වෙන්නේ. මැන්ටිකෝර් එකෙන් ඕර්ලික්ව පැහරගත්ත බව අපි දන්නවනේ.ඉතිං මේ ඕලික් ලවා ඔවුන් ප්‍රෝම්ප්‍රෑග් කරලා චිප් එකක් හදව ගන්නවා මනුස්සයෙක්ව ඝාතකයෙක් කරන පුලුවන් විදියේ. හැබයි මේ ප්‍රෝග්‍රම් එක සම්පූර්ණ වෙන්න කලින් ඕලික් මැන්ටිකෝර් හස්තයෙන් පලා යන්න සමත් වෙනවා. ඉතිං මේ ප්‍රෝග්‍රම් එක සම්පූර්ණ කලොත් ලොකු විනාසයක් වෙන්නෙ. මේ දේ වලක්වන්න සහ, මැන්ටිකෝර් එක නාඩිය, ඕර්ලික් සහ මේසන් පස්සෙන් ලුහුබැදීල නවත්වගන්න ඕන නිසා, ආයෙම මේ සිටඩෙල් ඒජන්තවරු එකතු වෙලා ලොකු ප්ලෑන් එකක් දියත් කරනවා. ඒ මොකක්ද, කොහොමද වෙන්නෙ කියලා බලන්න නම් ඔයාලට මේ සීසන් එක බලන්න වෙනවා.

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. ස්තූතියි ලහිරැ අයියේ මේකට සබ් දෙන්න එකතුවුනාට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram