Bethlehem Kudumba Unit (2026) Sinhala Subtitle
හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,
මේක කේරලයේ ක්‍රිස්තියානි ප්‍රජාවක තියෙන පවුල් ඒකක වටා ගෙතුණු අපූරු පරිසරයක සිදුවන ආදර හා බැදි පවුල් කතාවක්.
අපේ ප්‍රධාන චරිත දෙක අතර ගොඩනැගෙන වෙනස්ම ආකාරයේ ආදර සම්බන්ධයක්, ඒකට ගෙවල්වලින්, වටපිටාවේ සමාජයෙන් සහ යාළුවන්ගෙන් එන බලපෑම්, ඒ හැමදේම මැද්දේ සිද්ධ වෙන අතිශය හාස්‍යජනක සිදුවීම් මාලාවක් තමයි මේකෙන් බලාගන්න පුළුවන්. ගිරීෂ් ඒ.ඩී. ගේ සුපුරුදු ශෛලියට අනුව, කිසිම බලෙන් ඔබ්බපු ජෝක් නැතුව, දෛනික ජීවිතේ සිද්ධවෙන සරල සිදුවීම්වලින් උපරිම හාස්‍යය මතු කරන්න මේ කතාවට පුළුවන් වෙලා තියෙනවා.
කාලෙකට පස්සේ නිවින් පෝලිව දකින්න ලැබෙන්නේ එයාටම ආවේණික වුණු ඒ චාමින්ග්, රොමැන්ටික්-කොමඩි ස්ටයිල් එකෙන්. ප්‍රේක්ෂකයින් එයාගෙන් බලාපොරොත්තු වුණු ඒ සැහැල්ලු, බරපතළ නැති, නමුත් හදවතට දැනෙන රංගනය මෙතනදි උපරිමයෙන්ම දකින්න පුළුවන්.
කාලයක් වැටි වැටි දුවපු නිවින්, මේ පාර මුළු සමස්ථ මලයාලම් සිනමාවම් ඔහු අතට ගන්නේ මෙච්චර කාලයක් රජ කරපු පතරංග කණු පවා පසු කරමින්. ඉතිං මේ වෙනකොට මලයාලම් සිනමාවෙ වැඩිම ආදායම සහිත ෆිල්ම් එක නිවීන් පෝලි කිසිම ආයාසයකින් තොරව මේ ෆිල්ම් එක හරහා තමන් සතු කරගන්නවා.
හරි එහෙනම්, ඔයා හොයන්නේ ලේ හැලීම්, මිනීමැරුම්, අධික ත්‍රාසය හෝ හිසරදයක් නැති, හවස් වරුවක තේ එකක් බිබී පවුලේ හැමෝමත් එක්ක හිනාවෙලා, හිත සැහැල්ලු කරගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක් නම්, ‘Bethlehem Kudumba Unit’ කියන්නේ ඒකට ගැලපෙනම ෆිල්ම් එකක්!
⛔ Due to copyright issues we do not provide any torrent links







