Immortal (2026) Sinhala Subtitle
ඔබ දෙමළ සිනමාවට ආදරය කරන, වෙනස්ම විදිහේ Horror සහ Fantasy චිත්‍රපට බලන්න කැමති කෙනෙක් නම් මේ චිත්‍රපටිය අනිවාර්යෙන් නිර්දේශ කරනවා නවක අධ්‍යක්ෂක Mariyappan Chinna ගේ නිර්මාණයක් වන මෙය පැය 2යි විනාඩි 11ක් පුරා දිවෙනවා. G. V. Prakash Kumar සහ Kayadu Lohar මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා
කථාව කෙටියෙන්,
මගී කියන්නේ බොහොම නිදහසේ, සැහැල්ලුවෙන් ජීවත් වෙන තරුණයෙක්. ඔහුගේ සිහින කුමරිය වන සින්දු ගේ මහල් නිවාසයේ කුලී නිවැසියෙක් විදිහට පදිංචියට යන්න මගීට අවස්ථාව ලැබෙනවා. තමන් ආදරය කරන කෙනා ළඟින්ම ඉන්න ලැබුණු එක ගැන මගී ඉන්නේ ලොකු සතුටකින්. හැබැයි මේ සුන්දර ආදර කතාව එකපාරටම බියකරු සිහිනයක් බවට පත් වෙන්නේ ඒ ගොඩනැගිල්ල ඇතුළේ සිද්ධ වෙන අද්භූත සහ බියජනක සිදුවීම් නිසයි. ඕනෑම වෙස් මාරු කරන්න පුළුවන්, අතිශය බලවත් ගුප්ත ජීවියෙක් මේ ගොඩනැගිල්ල ඇතුළේ ඉන්න බව මගී දැනගන්නවා. අන්තිමේදී මේ භයානක සත්වයාගේ ගොදුරක් බවට පත්වෙලා ගොඩනැගිල්ල ඇතුළේ හිරවෙන මගීට, තමන්ගේ ජීවිතය බේරගන්න කරන්න වෙන දරුණු සටන තමයි මේ චිත්‍රපටය පුරාම දිගහැරෙන්නේ… එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් චිත්‍රපටියකින් හමුවෙමු…
⛔ Due to copyright issues we do not provide any torrent links












