Hindi Movie (2026) Sinhala Subtitle
දීපක් කුමාර් මිශ්රාගේ අලුත්ම නිර්මාණය!
අලුතින්ම ආපු හින්දි චිත්‍රපටියක් අරන් තමයි අද ආවේ.. මේක අධ්‍යක්ෂණය කරන්නේ දීපක් කුමාර් මිශ්රා විසින්… හොල්මන් චිත්‍රපටි කිව්වාම හින්දි ෆිල්ම් වල අමතක නොවෙන නමක් වෙන බාලාජි මෝෂන් පික්චර්ස් විසින් තමයි මේ චිත්‍රපටියේ නිශ්පාදන කටයුතුත් කරන්නේ… ප්‍රධාන චරිත විදියට සිද්ධාර්ත් මල්හෝත්‍රා,තමන්නා භාටියා,ශ්වේතා තිවාරි,මනිෂ් පොල් එක්ක සුනිල් ග්‍රෝවර් රංඟනයෙන් දායක වෙනවා..
රිෂි කියන්නේ මුම්බායි වල ඉන්න ඉන්ජිනේරුවෙක්.. මොහු අවුරුදු හයකින් තමන්ගේ ගමට ගිහින් නැහැ. ඒකටත් හේතුවක් තියනවා… ඒක චිත්‍රපටිය බලද්දි දැනගන්න පුලුවන්. කොහොම හරි පොඩි ඉඩම් අවුලක් නිසා රිෂි තමන්ගේ බිරිද මම්තා එක්ක මේ ගමට එනවා.. මේ ගමේ විශ්වාසයක් තියනවා. ඒ මේ ගමේ ලොකු කැලැවක් තියනවා එකේ වාන් දේවි නමින් දේවතාවියක් වාසය කරන දේවාලයක් තියනවා. මේ කැලේ සිමාවට අන්ධකාරය වැටුනාට පස්සේ කාටවත් ඒකට ඇතුල් වෙන්න තහනම්. රිෂි ඔහුට සිද්ධ උන සිදුවිමක් නිසා මේ ගමේ මේ වගේ බොරු මිථ්‍යාවලට නිතරම ඇනුම් පද කිය කිය තමයි ඉන්නේ… රිෂි ගමට ආවාම දැනගන්නවා මේ ගමේ කැලැව මැද්දෙන් හයිවේ එකක් හදන්න යන්නේ ගම් වැසියෝ මේ දෙවිය නිසා ඒකට බයවෙලා ඉන්නේ කියලා. කොහොම හරි රිෂි තිරණය කරනවා මහා රෑ කැලේ අස්සට ගිහින්ම මේ සේරම බොරු කියලා ඔප්පු කරවන්න… ඇත්තටම මේ කැලේ දේවතාවියක් ඉන්නවාද? නැත්නම් කැලේ යක්ෂයෝ ඉන්නවා කියලා වෙන මොනා හරි අභිරහස් දෙයක් සිද්ධ වෙනවාද? ඒ ගැන දැනගන්න පුලුවන් චිත්‍රපටිය අරන් බැලුවාම.
කොහොම හරි මේ චිත්‍රපටියට විචාරකයන්ගෙන් නම් මධ්‍යස්ථ ප්‍රතිචාරයක් තමයි ලැබුනේ.. ඒ මේ චිත්‍රපටිය හොරර් කොමඩි ඝණයට අයත් වෙන නිසා. එත් කොහොම හරි මේක ඉන්දියානු රුපියල් කෝටි 75 ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයාගන්නත් සමත් උනා. මේ සති අන්තේ චිත්‍රපටියක් බලන්න හොයනවා නම් පවුලේ සැමටම බලන්න පුලුවන් මේ චිත්‍රපටිය අරන් බලන්න කියලා ආරාධනා කරනවා.
⛔ Due to copyright issues we do not provide any torrent links

දර්ශණ නිශාන්ත පීරිස්
Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰











