Verity (2026)
Sinhala Subtitle
ඈන් හැත්වේ, ඩැකෝටා ජොන්සන් හා ජොෂ් හාර්ට්නෙට් රංගනයෙන් දායක වෙන කොලීන් හූවර්ගේ වෙරිටි නවකාව ඇසුරින් චිත්රපටියට නැගුන වෙරිටි චිත්රපටිය අරන් තමයි අද ආවේ.. මේක මුලින්ම කියන්න ඕනි වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්රපටියක් කියලා..
IMDb – 6/10
චිත්රපටියේ කතාව ගැන කිව්වොත්..,
වෙරිටි කියන්නේ ත්රාසජනක නවකතා ලියන කතුවරියක්. මෙයාගේ පොත් කට්ටිය අතර සැහෙන ජනප්රියයි. නමුත් කාලේකින් මෙයාගේ පොතක් එලියට එන්නේ නැහැ… ඔය අතර තමයි තවත් මේ වගේම නවකතා ලියන කෙනෙක් ඉන්නේ.. එයාගේ නම තමයි ලෝවන්.. ඇයගේ පොත් නම් ඒ තරම් ජනප්රිය නැහැ. මිනිස්සු වැඩිය ඇයව දන්නේවත් නැහැ… වෙරිටිගේ පොත් එලිදක්වන කම්පැනි එකෙන් ලොවන්ව හොයාගෙන කියනවා වෙරිටි අනතුරකට ලක්වෙලා පොත් ලියන්න බැරි මට්ටමක ඉන්නේ… ඇයගේ අසම්පුර්ණ කරපු නවකතාව සම්පුර්ණ කරලා දෙන්න කියලා. ලෝවන් මුලින් මේකට අකමැති වෙනවා. මොකද වෙරිටි වගේ කෙනෙක්ගේ ලිවිමට ඇයගේ ලිවිම සමකරන්න බැරි උනා.. කොහොම උනත් වෙරිටිගේ සැමියා ජෙරමිගේ ඉල්ලිම මත මේ පොත ලියන්න ඇය කැමැති වෙනවා. ඒ වගේම ලෝවන්ට ජෙරමි විසින් ආරාධනා කරනවා නගරයෙන් ටිකක් ඇත තියන මෙයාලාගේ ගෙදර පදිංචියට එන්න කියලා මේ පොත ලියන්න පහසු වෙන්න. මේ ගෙදරම තමයි වෙරිටිත් ඉන්නේ… ඇය රිය අනතුරක් වෙලා අංශභාග තත්වයට වගේ තමයි පත්වෙලා ඉන්නේ. ඉතින් ලෝවන්ට වෙරිටිගේ කන්තොරුකාමරය ලබාදෙනවා අර පොත සම්පුර්ණ කරන්න කියලා.. මේ අතර තමයි ලෝවන්ට වෙරිටිගේ පරිගණකයේ තිබිලා එයා ගැන ලියපු චරිතාපදානයක්… (දිනපොතක්) වගේ එකක් හම්බවෙන්නේ… මේකෙන් තමයි කතාව අනික් පැත්ත හැරෙන්නේ…
කොහොම හරි අවසානයේ ඔයාලටත් විශ්වාස කරන්න දෙයක් ඉතුරු කරලා මේ කතාව ඉවර වෙනවා… ඇත්තටම මේ කතාවේ මොන ඇත්තද බොරුවක් විදියට පෙනුනේ… නැත්නම් මොන බොරුවද අපි ඇත්තක් විදියට විශ්වාස කලේ කියලා… එහෙනම් අරන් බලන්න.
⛔ Due to copyright issues we do not provide any torrent links












