spot_img

Ready or Not 2: Here I Come (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Ready or Not 2: Here I Come (2026) Sinhala Subtitle

ඔන්න එහෙනම් රේඩි ඔර් නොට් චිත්‍රපටියේ දෙවැනි දිගහැරම අරන් තමයි මේ ආවේ… මේක බලන්න නම් පළවෙනි චිත්‍රපටිය Ready or Not (2019) ඔයාලා නරඔලා ඉන්නම ඕනි.. පළවෙනි එක ඇවිල්ලා අවුරුදු 6කට පස්සේ තමයි ඉතින් මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ… අවුරුදු හයකට පස්සේ ආවාට දෙවැනි චිත්‍රපටියේ සිදුවිම වෙන්නේ පළවෙනි චිත්‍රපටියේ සිදුවිම සිදුවෙලා දවස් දෙක තුනකට පස්සේ….

කතාව ගැන කිව්වොත් පළවෙනි චිත්‍රපටියෙන් ග්‍රේස් තමන්ගේ ජිවිතේ නුලෙන් ගලවා ගන්නවානේ… දෙයියනේ කියලා ආදරේ කරලා කසාද බැන්ද මුළු පවුලම තමන්ව මංගල රාත්‍රිය දවසේ මරන්න ආවාම ග්‍රේස්ට හිතාගන්න බැරි වෙනවා. හැබැයි කොහොම හරි ඇය මේකෙන් ගැලවෙනවා. නමුත් ගැලවිලා ඇයට බේරිලා යන්න හම්බවෙන්නේ නැහැ. ලඩෝමාස් පවුලේ හැමදෙනාම මැරුන නිසා මේ අයගේ මුල් පුටුව හිස්වෙනවා. මේ තැනට දැන් කවුරු හරි පත්වෙන්න ඕනි. හැබැයි එහෙම ලේසියෙන් පත්වෙන්න බැහැ. ලඩෝමාස් පවුල ඉවරයක් කරපු ග්‍රේස්ව මරලා දාන කෙනාට තමයි මේක ලැබෙන්නේ. ඉතින් මේ අය ග්‍රේස්ව ආපහු පැහැරගෙන ගිහින් එයාලා කලින් කරපු හැංගි මුත්තං තරඟය පවත්වනවා. මේ පාර ග්‍රේස්ගේ නංගිත් මේකට අහුවෙනවා. මොකද ග්‍රේස් තුවාල වෙලා ඉස්පිරිතාලේ ඉද්දි අක්කාව බලන්න කියලා නංගි එනවා. මේ වෙලාවේ තමයි දෙන්නාව පැහැරගන්නේ… ඉතින් ග්‍රේස්ටයි එයාගේ නංගිටයි මේ පාරත් ගැලවෙන්න පුලුවන් වේවිද? කොහොම හරි දෙවැනි කොටසින් මුළු චිත්‍රපටියම හොද විදියට සමාප්තත් කරලා තියනවා. ඉතින් අරන් බැලුවාට පාඩුවක් නම් වෙන්නේ නැහැ. ලේ වැගිරිම් දර්ශන අවුලක් නැත්නම් පවුලේ හැමෝටම අරන් බලන්න පුලුවන් චිත්‍රපටියක්. එහෙනම් ගිහින් එන්නම් සුභ දවසක් හැමෝටම..

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි ORGINAL WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 YTS වෙබ් අඩවි වල පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram