The Last Temptation Of Becky (2026) Sinhala Subtitle
<
2020 වසරේදී නිකුත් උන Becky චිත්රපටිය ඔබ නරඔලා ඇති. මේකේ දෙවැනි එක…, 2023 වසරේදී The Wrath of Becky කියලා ආවා… මේ පුංචි කෙල්ලගේ පළිගැනීමේ කතා මාලාවේ අවසාන චිත්රපටිය තමයි අද මේ අරන් ආවේ. මේකේ කලින් චිත්රපටි දෙකම අපේ සයිට් එකෙන් දිලා තියනවා. අරන් බැලුවේ නැත්නම් අරගෙන බලන්න. සුපුරුදු පරිදි බෙකීගේ චරිතයට පණ පොවන Lulu Wilson රංඟනයෙන් දායකත්වය දෙනවා.. මිට අමතර Neil Patrick Harris විසින් දුෂ්ට චරිතයට රංඟනයෙන් දායක වෙනවා.
කථාව කෙටියෙන්,
පළමු චිත්රපට දෙකේදී තමන්ගේ පවුල සහ ආදරණීය බල්ලා වෙනුවෙන් දරුණු අපරාධකරුවන් එක්ක තනියම හැප්පුණු බෙකී, දැන් වයස අවුරුදු 18ක තරුණියක්. හැබැයි දැන් ඇය නිකම්ම නිකම් කෙල්ලෙක් නෙවෙයි ඇය දැන් CIA රහස් ඔත්තු සේවයේ නියෝජිතවරියක්! මේ පාර ඇයට ලැබෙන්නේ ලේසි පහසු මෙහෙයුමක් නෙවෙයි. ඇයට යන්න වෙන්නේ පෝලන්තයේ පිහිටි, දෙවන ලෝක යුද්ධ සමයේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ රහසිගත බංකරයක් වුණු “The Wolf’s Lair” අසල පවත්වාගෙන යන සංචාරක නවාතැනකට. රහස් වෙස්වළා ගැනිමකින් එහි යන බෙකීට දැනගන්න ලැබෙනවා මේ නවාතැන පවත්වාගෙන යන පවුලේ ප්රධානියා වන ජෙනරාල් විල්හෙල්ම් රූස්ලෝකයම විනාශ කරන රයික් පාලනයක් ඒ කිව්වේ හිට්ලර්ගේ නාසි කාලය වගේ නැවත ආරම්භ කරන්න සැලසුම් කරන බව. ඉතින් තවදුරටත් රහසිගතව ඉන්න බෙකීට පුළුවන් වෙයිද? එයාගේ වෙස්වළා ගැනීම පැත්තකට දාන බෙකී සුපුරුදු පරිදිම එයාගේ පාලනය කරගන්න බැරි කෙන්තිය එක්ක තමන්ගේම සටනකට අවතිරණ වෙනවා. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.
⛔ Due to copyright issues we do not provide any torrent links












