spot_img

Colony (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Gunche (2026) Sinhala Subtitle

කොරියන් සොම්බි චිත්‍රපටියක් තමයි අද මේ විදියට අරන් ආවේ. මේක ඇවිල්ලා නම් දැන් සතියක් විතර වෙනවා. YTS එකේ කොලිටි වෙබ් රිප් එකක් නම් ආවේ දැන් දින කිහිපයකට කලින්. එකේ මේ චිත්‍රපටිය හොයනවා නම් Gunche (2026) කියලා සෙව්වාම හම්බවේවි… Yeon Sang-ho විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ අපිට නිතර දකින්න ලැබෙන කොරියානු නළු නිලියන් රැසක්ම රංඟනයෙන් දායක වෙනවා…

කතාව ගැන කිව්වොත් එහෙම ක්වොන් සේ ජොන්ග් ජෛව තාක්ෂණය පිළිබඳ දක්ෂ මහාචාර්යවරියක්. මෙයා තමන්ගේ කලින් සැමියාගේ ඉල්ලිමකට මේ තාක්ෂණය ගැන තියන සමුළුවකට සහාභාගි වෙනවා. මෙහෙම මෙතැනට එන්නේ එතැන රැකියාවක් ලබාගන්නත් අරමුණින්. නමුත් මෙතැන සමුළුව ඉවර උන ගමන් වෙන්නේ නොසිති විරු සිදුවිමක්. මේ බිල්ඩිමට සමාගමේ කලින් වැඩ කරපු කෙනෙක් විසින් ජෛව බොම්බයක් මුදා හරිනවා. ඒ කියන්නේ වෛරසයක්. මේක ඉතාමත් වේගයෙන් මාරාන්තික වෛරසයක් වෙන්න පටන් ගන්නවා… මේ වෛරසය ආසාදනය වෙන අය අමුතු විදියට වෙනස් වෙලා දරුණු වෙන්න පටන් ගනිද්දී, බලධාරීන් කරන්නේ මේ මුළු ගොඩනැගිල්ලම හුදකලා කරන එක. කොරෝනා කාලේ ගම් පවා හුදකලා කලේ අන්න ඒ විදියට… ඉතින් මේක ඇතුලේ හිරවෙලා ඉන්න කට්ටියට මේකෙන් බේරිලා එන්න පුලුවන් වේවිද? එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා…

මේක අපි නිතර දෙවේලේ දැක්ක සොම්බි ෆිල්ම් වලට වඩා වෙනස් ආරක් ගන්නවා. මේකේ සොම්බින්ට නිතර නිතර දැනුමෙන් යාවත්කාලින වෙන්න පුලුවන්… ඒ වගේම අනික් සොම්බි වගේ නෙමෙයි මේ අයව මර්ධනය කරන්නත් ලේසි විදියකුත් තියනවා. ඒ හැමදේම ගැන දැනගන්න චිත්‍රපටිය අරන් බලන්න. හමුවෙමු ආපහු ඉක්මනින්ම.

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි YTS WEB HD පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram