Passenger (2026) Sinhala Subtitle
අද නම් ආවේ අලුත්ම චිත්රපටියක් අරන්. මේ ලංකාවේ පවා සිනමාශාලා වල තිරගත උනා වගේම මේක බලන්නත් අවස්ථාවක් ලැබුනා. එදාම හිතාගත්තා මේ චිත්රපටියට උපසිරැසිය කරලා ගෙනත් දෙනවා කියලා.. පැසෙන්ජර් කියන්නේ ඇන්ඩ්රේ ඩ්රෙඩල් විසින් අධ්යක්ෂණය කරන ලද සුපර්නැචුරට් හොරර් ටයිප් එකට වැටෙන චිත්රපටියක්… මේකේ ප්රධාන චරිත විදියට ජේකබ් ස්කිපියෝ, ලූ ලොබෙල් හා මෙලිසා ලියෝ රංගනයෙන් දායක වෙනවා…. මේක හොරර් චිත්රපටි රසිකයන්ට නම් මිස් නොකරන්න ඕනි අත්දැකිමක් වෙනවා…
චිත්රපටය ගැන කිව්වොතින්.. ටයිලර් හා මැඩි තමන් හිටපු එපාර්ට්මන්ට් එකෙන් අයින් වෙලා ලොකු කැරවැන් එකක ජිවත් වෙන්න තිරණය කරනවා… මොවුන් එහේ මෙහේ තැනින් තැන ගිහින් ජිවත් වෙන්න තමයි අදහස් කරන්නේ… කොහොම හරි සති හයක් විතර මේ අය බොහොම සතුටින් කාලය ගත කරනවා.. නමුත් එක දිනක් මේ අයට රෑ මේ අය යන කැලේ පාරක අනතුරක් දකින්න ලැබෙනවා… මෙයාලා මේ අනතුර දැක්කාට පස්සේ ඒකට උදව් කරන්න යනවා… එතැනින් පස්සේ තමයි මේ අයගේ සංචාරයට අවසර නොලැබුන කෙනෙක් එන්න පටන් ගන්නේ… ඒ කවුද වගේම මේ අයට මොනා වේවිද කියලා දැනගන්න චිත්රපටිය අරන් බලන්න.
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













ස්තූතියි සිස් මේ නිරිමාණයට උපසිරැසි දුන්නට