The Paradise (2026)
Sinhala Subtitle
පහුගිය සැප්තැම්බර් 24 වැනිදා තිරඟත උන පැරඩයිස් චිත්රපටිය අරන් තමයි මේ ආවේ… ප්රධාන චරිත විදියට Nani,Mohan Babu,Kayadu Lohar,Sonali Kulkarni හා Raghav Juyal රංඟනයෙන් දායක වෙනවා…
IMDb – 6.4/10
Times of india – 2.5/5
Letterboxd Average – 3/5
ආදායම් වාර්ථා,
Collection – ඉ.රු. කෝටි 150+
චිත්රපටියේ කතාව ගැන කිව්වොත්..,
මේක 1980 ගණන්වල සිකන්දරාබාද් නගරය පසුබිම් කරගෙන තමයි නිර්මාණය වෙන්නේ…. එක්තරා ගමක සවාරි කියන ගෝත්රික අය ටිකක් ඉන්නවා. නමුත් මේ අයට කිසි අනන්යතාවයක් නැහැ. ඒ කියන්නේ හැදුනුම්පතක් නැහැ. පුරවැසිභාවයක් නැහැ. ඉතින් මේ අය මේ අයිතිවාසිකම් ලබාගන්න සටන් කරන්න පටන් ගන්නවා. මෙහෙම මේ අයට අනන්යතාවයක් නොදි ඉන්නේ මේ පලාතේ ඉන්න මලික් කියන පුද්ගලයා. ඔහු විසින් මොවුන්ට ඇයි මෙහෙම සලකන්නේ කියන එකත් කතාව බලද්දි දැනගන්න පුලුවන්. ඉතින් මේ අයට තමන්ගේ අනන්යතාවය ලබා ගන්න පුලුවන් වේවිද? ඒකට නම් කතාව අරන් බලන්නම වෙනවා…
චිත්රපටිය ගැන තව කිව්වොතින් මේකට මිශ්ර ප්රතිචාර තමයි ලැබුනේ. මේකේ මරා ගැනිම් එහෙම ගොඩයි. ඒ නිසාත් කට්ටිය කියලා තිබ්බා ලොකු කතාවක් නැහැ මරාගන්න කොටාගන්න එවා විතරයි තියෙන්නේ කියලා. කොහොමත් මාස් චිත්රපටියක් බලන්න ආස කරන කෙනෙක්ට නම් මේක බැලුවා කියලා පාඩුවක් නම් වෙන්නේ නැහැ.
⛔ Due to copyright issues we do not provide any torrent links












