Gajab Raat (2026)
Sinhala Subtitle
ගජබ් රාත් කියන්නේ නීරාජ් පාන්ඩේ විසින් නිෂ්පාදනය කල වගේම රිතේෂ් ෂා විසින් අධ්යක්ෂණය කරන ලද හින්දි ත්රීලර් ඝනයට අයත් වෙන චිත්රපටියක්. මේක පහුගිය 23 වැනිදා නෙට්ෆිලික්ස් වලින් නිකුත් කෙරුනා. මේකේ ප්රධාන චරිත විදියට මනෝජ් බාජ්පායි,ශ්රද්ධා දාස් ,අක්ෂේ ඔබරෝයි,නුෂ්රත් භරුච්චා,දිව්යා දත්තා,සාකිබ් සාලීම් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා..
IMDb – 5.9/10
චිත්රපටියේ කතාව ගැන කිව්වොත්..,
මේක එක දවසක එක රැක වෙන සිදුවිමක් වටා ගෙතිලා තියන චිත්රපටියක්..රාත්රි 12 ඉදන් පහුවැනිදා උදේ 6 විතර වෙනකම් තමයි මුළු චිත්රපටියේම කතාව ගෙතෙන්නේ…
දිල්ලි වල එක්තරා සිනමාශාලාවක් ඉස්සරහා වාහනේකින් දරුණු විදියට තුවාල ලැබුන ගැණු ළමයෙක් මාර්ගයට අතහැරලා යනවා. ඇත්තම කිව්වොත් මේ ගැණු ළමයාම තමයි වාහනෙන් බිමට පනින්නේ. මේ වෙලාවේ ඒ අසල හිටිය සෙනඟ නිසා වාහනේ හිටපු අය පැනලා යනවා. ඒ වගේම මේ සිදුවිම හා විඩියෝ මොහොතකින් අන්තර්ජාලයේ සංසරණය වෙන්න පටන් ගන්නවා. මේ සිදුවිම ගැන හොයන්න පැවරෙන්නේ නිව්රිත් ( මනෝජ් බාජ්පායි) කියන පොලිස් නිලධාරියාට. මොහු ගැන කිව්වොත් සල්ලි වලට ඕනිම දුෂිත වැඩක් කරන නිලධාරියෙක්. කොහොම හරි නිව්රිත්ගේ මැදිහත් විමෙන් අර ගැණූ ළමයාව ඉස්පිරිතාලේට ඇතුල් කරනවා. පස්සේ මොහු මේක ගැන හොයන්න පටන් ගන්නවා. එත් එහෙම හොයන්න පටන් ගන්න හදද්දිම සීබීඅයි නිලධාරී මධොක් (අක්ෂේ ඔබරෝයි) වගේම එන්අයිඒ නිලධාරී කරන් (සාකිබ් සාලීම්) ඇතුළු උසස් බලධාරීන් කිහිප දෙනෙක් රෝහලට කඩා වැටීමත් එක්ක මේ සාමාන්ය පොලිස් පරීක්ෂණ ක්රියාවලිය අනික් පැත්ත ගහනවා.
ඇත්තටම මේ ගැණූ ළමයා කවුද? ඇයි මෙයාගේ පස්සෙන් හැමෝම පන්නන්නේ… ඒ ප්රශ්න ටික විසදගන්න නම් පවුලේ සැමටම බලන්න පුලුවන් මේ චිත්රපටිය අරන් බලන්නම වෙනවා.
⛔ Due to copyright issues we do not provide any torrent links

දර්ශණ නිශාන්ත පීරිස්
Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰











