spot_img

Awarapan 2 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Awarapan 2 (2026) Sinhala Subtitle

මේ චිත්‍රපටිය ගැන කියපු කාලේම මං හිතුවා මේක ආවම උපසිරැසිය කරලා දෙනවා කියලා.. මේකේ සිංදු වගේම මේ ටයිප් එකේ චිත්‍රපටියක් කියන්නේම අපේ අතීත නොස්ටැලිජියාව අප් කරලා ගන්න එකක්. Vishesh Bhatt ගේ චිත්‍රපටිවල ඉන්න දුෂ්ටයෝ ටික ඒ කතාවන් සේරම ටිකක් එකම වගේ උනත් කාලේකින් එම්රාන් හෂ්මිගේ එකතුවත් එක්ක අපිට ඒ වගේ අත්දැකිමක් ගන්න නම් බැරි උනා. ඒ නිසාමයි කෝටි 45ක් විතර වියදම් කරලා හදපු මේ චිත්‍රපටිය කෝටි 200+ බොක්ස් ඔෆිස් වාර්තාවක් තබමින්ම තිරගත උනේ…

හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

ආවාරපන් කිව්වාම මතක් වෙන්නේ අපිට ලස්සන සිංදු කිහිපයක්… ඒ සිංදුත් මේ චිත්‍රපටියේ තියනවා. දැන් පළවෙනි චිත්‍රපටිය බැලුවේ නැති නිසා මේක බලන්න පුලුවන්ද නැත්ද කියන ප්‍රශ්නයට උත්තරේ වෙන්නේ අවුලක් නැහැ මේක බලන්න පුලුවන් කියන එක. කතා දෙක සම්බන්ධයි නමුත් අවුරුදු 18කට පස්සේ වෙන සිදුවිමක් නිසා කතා දෙක ටිකක් වෙනස්. එත් කතාව ගැන කියන්නම්කෝ… ආලීයා ගේ අහිමි විමෙන් පස්සේ අවුරුදු 18ක් ශිවම් ඉන්දියාවට වෙලා එයා උස්මහත් උන අනාථ නිවාසේ බලාගෙන ජිවත් වෙනවා. මේ අනාථ නිවාසේ දාලා ගිය පොඩි දරුවෙක්ට තමන්ගේ දරුවෙක්ට වගේ ශිවම් ආදරේ කරනවා. එයාට නම තියන්නෙත් ශිවම්…ඒ ආලීයා කියලා. මේ දරුවාව හදාගන්න කියලා දෙමව්පියන් දෙන්නෙක් ආවාම එයාලට මේ ළමයාව හදාගන්න දෙනවා. නමුත් ශිවම්ට පස්සේ ආරංචියක් එනවා අර හදාගන්න ගත්තු දෙමව්පියන් මිය ගිහින් වගේම මේ ළමයාව බැංකොක් වල ජවාරම් කල්ලියක් විසින් පැහැරගෙන කියලා. ඉතින් අවුරුදු 18කට පස්සේ ශිවම් ඔහු අතහැරලා දාපු අදුරු ලෝකයට ආලීයාව හොයාගෙන පය තියනවා…එතැනින් එහාට අරන්ම බලන්න වෙනවා කතාව මොකෝ වෙන්නේ කියලා…

මං කලින් කිව්වා වගේම එම්රාන් හෂ්මි…මේ සිංදු…මේ වගේ ෆිල්ම් කියන්නේ අපි ඒ කාලේ වින්ද වෙනම නොස්ටැලිජියාවක්… ඒක සිනමා ශාලාවකම විදින්න අදහස් කරන් හිටියාත් මට නම් ඒ අවස්ථාව අහිමි උනා. නමුත් දැන් ඉතින් අපි හැමෝටම බලන්න අවස්ථාවක් තියනවා. උපසිරැසියට උපරිම සධාරණය කරා කියලා හිතනවා. එහෙනම් පවුලේ හැමෝම එක්ක බලන්න මේක අවුලක් නැහැ. ඉතින් මේ සති අන්තය අවුරුදු 18කට කලින් අපි දැක්ක චිත්‍රපටිවල මතකය අලුත් කරගෙන මේක බලමු.

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB HD පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram