Heart of the Beast (2026) Sinhala Subtitle
ආයුබෝවන් යාලුවනේ! ඔන්න එහෙනන් සෑහෙන කාලෙකට පස්සෙ උපසිරැසියක් අරගෙන අපේ වෙබ් අඩවිය පැත්තෙ ආවා අද මම අරන් ආවේ මේ දවස් වල සිනමාශාලා වල ගිනි ගින්දර වගේ දුවන අපි කවුරුත්ම ආදරේ කරන Brad Pitt ගෙ අලුත්ම චිත්රපටිය ” The Heart Of Beast “
Director: David Ayer
Main Actors: Brad Pitt, J.K. Simmons, Anna Lambe
Genre: Action / Adventure / Thriller
Runtime: 1h 41min
Release Date: September 25, 2026
කියන්න ඕනෙ වෙබ් පිටපත් එනකන් ඉවසන්න බැරි උනු චිත්රපටියක් ඇත්තටම මාරම ලස්සනයි ඒකයි උපසිරැසියක් කරන්න හිතුවෙ වෙබ් පිටපත් තවත් සති කිහිපයකින් නිකුත් වූ සැනින් උපසිරැසිය යාවත්කාලීන කරනු ලැබේ කැමති අය බලන්න තත්වයෙන් උසස් කැම් පිටපතකට උපසිරැසිය ගෙනාවේ….!!
හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,
යුද්ධයේ අඳුරු මතකයන්ගෙන් ඈත් වෙලා, හිටපු සෙබළ ජේම්ස් තමන්ගේ විශ්වාසවන්තම සගයා වන ඔඩින් සමඟ ඇලස්කාවේ නිදහස් ගමනක් ආරම්භ කරනවා.
නමුත් ඔවුන්ගේ ගමන හදිසියේම බලාපොරොත්තු නොවූ අනතුරකට මුහුණ දෙන්න සිදුවීමත් සමඟ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
මිනිසුන්ගෙන් ඈත් වූ දැවැන්ත වනාන්තරයක් මැද, ජීවිතය රැකගැනීම සඳහා ඔවුන්ට ස්වභාවධර්මය සමඟත්, අනපේක්ෂිත අනතුරු සමඟත් සටන් කරන්න සිදුවෙනවා. ඒ අතරේ ජේම්ස්ට තේරෙන්නේ ඔඩින් කියන්නේ සුරතල් බල්ලෙක් පමණක් නොව, තමන්ගේ ජීවිතය රැකගන්න උරහිසට උරහිස තබාගෙන සිටින සැබෑ සගයෙක් බවයි.
ඉතිරි ගමනේදී ඔවුන් දෙදෙනාට මුහුණ දීමට සිදුවන දේවල්, ඔවුන්ගේ බැඳීම කොතරම් ශක්තිමත්ද කියලා පෙන්වන සංවේදී හා ත්රාසජනක කතාවක් බවට පත්වෙනවා….!!
ඉතින් මේ ලස්සන කතාව ඔයාලත් රස විඳින්න ගිහින් එන්නම් Guys. Bye!
⛔ Due to copyright issues we do not provide any torrent links












