Onslaught (2026) Sinhala Subtitle
හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,
ඇමරිකාවේ ගම්බද පලාතක පොඩි ටවුමක් තියනවා මේකේ තමයි ඩේසි ජිවත් වෙන්නේ. එයා තමන්ගේ කසාදෙන් වෙන් වෙලා ඉන්නේ. ඩේසිට පුංචි දුවෙකුත් ඉන්නවා. එයාව තාත්තායි අම්මායි මාරුවෙන් මාරුවට තමයි තියාගන්නේ. කොහොම හරි මොවුන් ජිවත් වෙන නගරය ආසන්නයේ හමුදාවේ පරික්ෂණාගාරයක් තියනවා. මේකේ රජය හොරෙන් පරික්ෂණ කරන තැනක් කොහොම හරි වෙලා මෙයාලාගේ පරික්ෂණයක් වැරැදිලා සුපිරි සොල්දාදුවන් තුන්දෙනෙක් එලියට පනිනවා. මොවුන්ව හදලා තියෙන්නේ දකින දකින අයව මරලා දාන්න. ඉතින් මේ තුන්දෙනා පාර දිගේ හම්බවෙන හැම කෙනාම මරලා දාලා ඩේසියි එයාගේ පුංචි දුවයි ඉන්න ගෙවල් ගාවට එනවා. අම්මා කෙනෙක් තමන්ගේ දුව රැක ගන්න කොයි තරම් දුරක් යාවිද කියලා බලන්න පුලුවන් මේ චිත්‍රපටිය අරන් බැලුවොතින්…
විශේෂයෙන්ම කියන්න ඕනි මේකේ ඇතැම් දර්ශන නිසා මේක වැඩිහිටියන්ට විතරක් ගැලපෙන චිත්‍රපටියක්. ඒ කොටස චිත්‍රපටියේ මුල් විනාඩි කිහිපය තුල තියෙන්නේ ඒක ස්කිප් කරලා දැම්මොත් නම් ඊට පස්සේ කිසිම අවුලක් නැහැ. ඒකත් ඉතින් දැනුවත් වෙන්න කිව්වේ.
⛔ Due to copyright issues we do not provide any torrent links












