Blades Of The Guardians Wind Rises In The Desert (2026) Sinhala Subtitle
බ්ලේඩ්ස් ඔෆ් ද ගාඩියන්ස්’ (Blades of the Guardians) යනු 2026 වසරේ තිරගත වූ සටන් කලාවන් අලලා නිර්මාණය වූ දැවැන්ත සිනමා පටයකි. ‘බියාඕ රෙන්’ (Biao Ren) නැමැති චීන චිත්රකතා පොතක් (Manhua) ඇසුරින් වු මෙය අධ්යක්ෂණය කර තිබෙන්නේ ප්රසිද්ධ සටන් කලා අධ්යක්ෂක යුආන් වූ-පින්ග් (Yuen Woo-ping) විසිනි. මෙහි ප්රධාන චරිතය සුපිරි නළු වූ ජින් (Wu Jing) විසින් රඟදක්වයි. මීට අමතරව නිකලස් සේ, යු ෂි, චි ෂා, චෙන් ලිජුන්, ජෙට් ලී වැනි ජනප්රිය තරු රැසක් ද මෙයට රංගනයෙන් දායක වේ. මෙම චිත්රපටය 2026 පෙබරවාරි 17 වන දින චීන අලුත් අවුරුදු සමයේදී චීනය පුරා ප්රදර්ශනය කිරීම ආරම්භ කෙරුනි…
සුයි රාජවංශ සමයේ ජීවත් වූ ‘ඩාඕ මා’ යනු තම බෑණනුවන් වන ‘ෂියාඕ චි’ සමඟ මුදලට අපරාධකරුවන් අල්ලා දෙන දක්ෂ දඩයක්කාරයෙකි (Bounty Hunter). එක්තරා කුඩා ගමකදී, සිදුවන යම් සිදුවිමක් නිසා ඩාඕ මා මුළු රටේම සිටින දරුණුතම සහ සෙවිය යුතුම අපරාධකරුවා බවට පත්වෙයි… පසුවා ඩාඕ මා, ‘මෝජියා’ නම් ගමට ගොස් එතැන රැකවරණය ලබාගන්නවා… මෝජියා ගමේ ප්රධානියා වන ‘ලාඕ මෝ’ මීට පෙර ඩාඕ මා හට බොහෝ උපකාර කර ඇති අයෙක්. ඔහු ඩාඕ මාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. ඒ, ‘චිෂිලන්ග්’ නැමැති විප්ලවවාදියා අධිරාජ්යයාගේ ආරක්ෂක මුරපොලවල් සහ මාර්ග බාධකවලට හසුවීමට පෙර ඔහුව ආරක්ෂිතව වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙසයි. චිෂිලන්ග් යනු සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන අතර, අධිරාජ්යයා විසින් ඔහුව අල්ලා දීම සඳහා නියම කර ඇති ත්යාග මුදල ඩාඕ මාගේ හිසට නියම කර ඇති මුදලටත් වඩා වැඩිය. ඩාඕ මා මෙම ගමනට එකඟ වන අතර ඔහු එක්ක අයූයා සහ ඇගේ මිතුරියක වන ‘අනී’ ද මේ ගමනට එක්වෙයි.. ඩාඕ මා මෙයට අකමැති වුනත්.. ඇයවත් කැඳවාගෙන යන ලෙස ලාඕ මෝ, ඩාඕ මාව කැමති කරවා ගනියි. මේ ගමන කෙලෙස වේවිද? චිෂිලන්ග්ව ඇල්ලිමට එන අයගෙන් මේ කට්ටියට ගැලවෙන්න පුලුවන් වේවිද? එහෙනම් අරන් බලන්න….
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]












