Evil Dead Burn (2026) Sinhala Subtitle
Evil Dead චිත්‍රපටි මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. මේක ඒ චිත්‍රපටිමාලාවේ සයවැනි දිගහැරිම. Evil Dead Rise (2023) ආපු චිත්‍රපටියට පසු වෙන දෙයක් ඒ කියන්නේ Sequel (සීක්වල්) එකක් විදියට තමයි මේක දිගහැරෙන්නේ. මේ චිත්‍රපටිය නිකුත් වෙන්න කලින්ම මේකේ දරුණු මිනිමැරිමේ දර්ශන තියෙන බව කියලා තිබ්බානේ. ඒක ඒ විදියටම තිබ්බා කියලා නම් කියන්නම ඕනි.
කතාව ගැන කිව්වොතින් තමන්ගේ ස්වාමියාගේ අකල් මරණයෙන් පස්සේ ඇලිස් කියන තරුණිය සැමියාගේ පවුලත් එක්ක දුර තියෙන පරණ ගෙදරකට යනවා අවසන් ගෞරව දක්වන්න. නමුත් ඒ හුදකලා ගෙදරදී මුළු පවුලම නොසිතූ විලසින් දරුණු යක්ෂ ආවේශයකට ගොදුරු වෙන්න පටන් ගන්නවා. පවුලේ එකිනෙකා අතිශය භයානක ලෙස වෙනස් වෙද්දී, ඒ නපුරු බලවේගයෙන් බේරෙන්න මේ අයට සිද්ධ වෙන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන්නයි… මේ පවුලේ සාපයෙන් අහක හිටිය ඇලිස්ටත් ගැලවෙන්න පුලුවන් වේවිද? ඒක දැනගන්න නම් චිත්‍රපටිය නරඔන්නම වෙනවා.
කොහොම හරි ඔයා හොද හොරර් ෆැන් කෙනෙක් නම්, Evil Dead චිත්‍රපටි මාලාවේ රසිකයෙක් නම් මේක අතාරින්න එපා. පරණ Evil Dead චිත්‍රපට බලලා නැතත් මේක රසවිදින්න පුලුවන්. එත් මං අර කිව්ව කලින් චිත්‍රපටිය බලලා තියනවා නම් පොඩ්ඩක් කතාව රසවත් වේවි. එහෙනම් ගිහින් එන්නම් සුභ දවසක්
⛔ Due to copyright issues we do not provide any torrent links













සබට තෑන්ක්ස් මචං