Idhayam Murali (2026) Sinhala Subtitle
ඔයාලා දෙමළ චිත්රපටි බලන්න ආස කෙනෙක් නම් ‘Idhayam Murali’ (ඉධයම් මුරලි) කියන නම අනිවාර්යයෙන්ම අහලා ඇති. මේ ෆිල්ම් එකට මේ නම ලැබුණේ කොහොමද කියන එක පිටිපස්සේ ලස්සන කතාවක් තියෙනවා. අතර්වගෙ තාත්තා තමයි ප්රවීණ නළු මුරලි. ඔහු 1991 අවුරුද්දේ ‘Idhayam’ කියලා ගොඩක් ජනප්රිය වුණු කල්ට් ක්ලැසික් (cult classic) ආදර කතාවක ප්රධාන චරිතය රඟපෑවා. ඒකෙදි ඔහු රඟපෑවේ තමන්ගේ ආදරේ කෙල්ලට කියාගන්න බැරුව දුක් විඳින මෙඩිකල් ස්ටූඩන්ට් කෙනෙක්ගෙ චරිතයක්. ඒ ෆිල්ම් එක කොච්චර හිට් වුණාද කිව්වොත් එදා ඉඳන් මිනිස්සු ඔහුට ආදරේට කිව්වේ ‘ඉධයම් මුරලි’ කියලා. ඉතින් තමන්ගේ තාත්තට කරන ගෞරවයක් විදිහට තමයි අතර්වාඑ මේ අලුත් ෆිල්ම් එකටත් ඒ නමම තියලා තියෙන්නේ.
කතාව ගැන කියනව නම්,
මං කොහොමටවත් ස්පොයිල් කරන්න යන්නේ නෑ. කෙටියෙන්ම කිව්වොත් මේක ලස්සන, හිතට දැනෙන රොමෑන්ටික් කතාවක් (coming-of-age romantic drama). මේක අධ්යක්ෂණය කරලා තියෙන්නේ ආකාශ් භාස්කරන් කියන නවක අධ්යක්ෂකවරයා. අතර්වා එක්ක ප්රීතී මුකුන්දන්, කායාදු ලෝහාර් වගේම තවත් නළු නිළියන් රැසක් මේකට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම සුපිරි නළු ෆහාද් ෆාසිල්ගේ (Fahadh Faasil) විශේෂ කැමියෝ (cameo) රඟපෑමකුත් මේකෙ බලාගන්න පුළුවන්. සංගීතය කරලා තියෙන්නේ ප්රසිද්ධ සංගීත අධ්යක්ෂක තමන් (Thaman S).
90 දශකයේ අර පරණ ෆිල්ම් එකේ තිබ්බ nostalgic හැඟීමත් මේ අලුත් කතාව ඇතුළෙ තැනින් තැන දැනෙන්න හදලා තියෙනවා කියලයි බලපු අය කිව්වේ. ඔයා ලස්සන, සරල ආදර කතාවක් බලන්න හොයනවා නම් අනිවාර්යයෙන්ම ට්රයි කරලා බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේ අලුත් ‘Idhayam Murali’ කියන්නේ.
⛔ Due to copyright issues we do not provide any torrent links








සබිඑකට තෑන්ක්ස් දෙන්නටම
Thanks for the sub! ❤️