spot_img

DC (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

DC (2026) Sinhala Subtitle

ලෝකේෂ් කනගරාජ්ගේ DC!
(දාස් සහ චන්ද්‍රා)

කොලිවුඩේ අධ්‍යක්ෂක කෙනෙකුට වෙනම රසික පිරිසක් හදාගෙන ඉන්න පුද්ගලයෙක් තමයි ලෝකේෂ් කියන්නේ. ලෝකේෂ්ගේ මානගරම්, මාස්ටර්, වික්‍රම්, ලියෝ, කූලී බලලා තියෙනවා ඇති දමිළ රසිකයෝ. ඉතිං මෙදා සැරේ ලෝකේෂ් අධ්‍යක්ෂණයට නෙවෙයි බහින්නේ. මේ තමයි ඔහු ප්‍රධාන චරිතය රංඟ දැක්වූ පළමු චිත්‍රපටිය. මෙය Action, Romance, Thriller ගණයට අයත් වෙනවා.

කථාව කෙටියෙන්,

දාස් කියන්නේ මැරයෙක්. කුඩා කල්ලියක් එක්ක එකතු වෙලා එයාලගේ වැඩ කටයුතු කරගෙන යනවා. මේ අතරේ තමයි පොලිසිය අහිංසකයෙක් ගොවියෙක්ව කෲර විදිහට මරලා දාපු සිද්ධිය දැනගන්නේ. ඒක කරපු පොලිස්කාරයව මරපු නිසා දාස්ගේ පස්සෙන් පොලිසිය පන්නනවා. මේ කථාව තමයි DC චිත්‍රපටයේ ගලාගෙන යන්නේ. ඒ අතර මැද්දේ නොයෙක් හමුවීම්, සිද්ධීන් තියෙනවා. ඔයාලටම බලාගන්න ආරාධනා කරනවා.

ඉ.රු. කෝටි 25ක පිරිවැයකින් සෑදු මෙය ඉ.රු. කෝටි 100 සීමාව පසුකර යන්නත් සමත් වුණා. ඒ වගේම කියන්න ඕනේ මේකේ Music. අනිරුද්ගේ සංගීතය මේ චිත්‍රපටියේ කොඳුනාරටිය. Raga Of Revenge, Rage Of Madness Ain’t Nobody වගේ Track අන්තර්ජාලයේ ගොඩක් Viral වුණා. ගොඩක් Reels හැදුණා. නමෙන් නොදන්නවා වුණත් ඔයාලගේ කණේ මේ Track වලින් එකක් හරි ගැටිලා තියෙන්න ඕන. ඒ වගේම මේකේ Music Album එක Spotify නැරඹුම් වාර මිලියන 100+ ඉක්මවලා ගියා. ඔයාලට අවශ්‍ය නම් නැවත අහන්න මං උපසිරැසියේ Track එකේ නමත් ඇතුළ් කළා. ඔයාලට එතකොට පහසුවෙන් Spotify හෝ Youtube වල Search කරලා අහන්න පුළුවන්.

අධ්‍යක්ෂකවරයා ගැන කියනවා නම්, අරුන් මාථේෂ්වරම් කියන්නේ ගොඩක් කැපිලි කෙටිලි, ලේ වැගිරීම් මිශ්‍ර වුණ චිත්‍රපටි හදන කෙනෙක්නේ. මේකත් ඒ වගේමයි. ටොප් වැඩක්. ගුණාත්මක බවින් වැඩි පිටපතක් අරගෙනම නරඹන්න.

-අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපට –

දමිළ රසිකයෙක් නම් මෙය ඔයාලා නැරඹිය යුතුමයි. තවත් දෙයක් බලනකොට පවුලේ අය – පොඩි අය එක්ක බලන්න එපා. සමහර දර්ශන සුදුසු නෑ!

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HD පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

දිලිප මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram