Anbil Avan (2026) Sinhala Subtitle
<
අශෝක් සෙල්වන් සහ ප්‍රීති මුකුන්දන් රංගනයෙන් දායක වෙනවා. මෙය ඇක්ෂන් සහ රෝමැන්ස් ශානරයට අයත් වෙනවා. මේකට ගොඩක් මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබුණේ.
කථාව කෙටියෙන්,
සූරියා සහ ඉයල් කියන්නේ රියැලටියට හිරවුණ කපල් එකක්. වැඩ කරනවා-ආය ගෙදර එනවා ඔය වගේ තමයි එයාලගේ ජීවිතය ගෙවීගෙන යන්නේ. ඉතිං මේ ඒකාකාරී ජීවිතයට තිත තියලා එයාලා හෝම්ස්ටේ එකක් පටන් ගන්න තීරණය කරනවා. ඉතිං මේ හෝම්ස්ටේ එකට තෝරගන්න ගෙදර පරණ රැජිනක් වාසය කරපු ගෙයක්. රැජිණ කවුරු ඉල්ලුවත් මේක දෙන්නෙ නෑ. හැබැයි සූරියා කථා කරලා රැජිණගේ ගේ ගන්නවා. හැබැයි මේ ගෙදරට මේ ගමේම ඉන්න මන්ත්‍රීවරයෙකුත් ඇහැ ගහගෙන ඉන්නෙ. මෙයාලගේ හෝම්ස්ටේ එක කරගෙන යන අතරතුරේ එයාලට එන බාධක මොනවද කියලා බලන්න ඔයාලට චිත්‍රපටිය නරඹන්න වෙනවා.
කැම් පිටපතක්වත් මේකට තිබුණේ නෑ. ඉතිං වෙලාවක් ලැබුණු වෙලාවට කොටාගෙන අරගෙන ආවා. මං කලින් ගීත තුනක් තෝරගෙන උපසිරැසි කරලා තිබුණා, ඉතිං ඒකෙන් දෙකක් චිත්‍රපටියට ඇතුළත් කලා. එක ගීතයක් චිත්‍රපටියෙන් කට් කරලා.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන්නම්.
⛔ Due to copyright issues we do not provide any torrent links












