spot_img

LIE (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කොහොමද අපේ තෙලිගු රසික යාලුවනේ. ටික දවසක් ගියා අලුත් එකක් දෙන්න. පොඩ්ඩක් කාර්යබහුල උනානේ. අදත් ඔයාලට සුපිරි චිත්‍රපටියක් අරගෙන ආවා. අද මං මේ අරන් එන්නේ ඔයාලට 50 වැනි උපසිරැසි ගැන්වීම… මේ උපසිරැසි ගැන්විම ඇතුලේ ගොඩක්ම තියෙන්නේ තෙලෙගු එවා තමයි. මම කාලෙකට කලින් කරපු Heart Attack චිත්‍රපටිය බලපු අය කවුද? අන්න ඒකෙ හිටපු නලුවගෙ තවත් සුපිරිම චිත්‍රපටියක් තමයි අද ගෙනාවේ.

චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Hanu Raghavapudi විසින්. ඒ වගේම නිෂ්පාදනය කරන්නේ Ram Achanta, Gopichand Achanta, Anil Sunkara, Venkat Boyanapalli 4 දෙනාගෙ එකතුවෙන්. IMDB අගය 5.8 ලබා ගන්නා මෙම චිත්‍රපටිය Nithiin, Megha Akash විසින් රංගනය දක්වනවා. එයාලගෙ මීට පෙර චිත්‍රපට කිහිපයක් මම මෙහි දක්වන්නම්. Heart Attack, A Aa, මේ වගේ ඒවා. 2017 අගෝස්තු 11 වන දින ප්‍රදර්ශනය ආරම්භ වෙන මෙය විනාඩි 145ක කාලයක් පුරා දාවනය වෙනවා.

කතාව ගැන කියනවා නම් වැඩිය කියන්නෙ නැතිව ඉන්නම්. මුලින්ම චිත්‍රපටිය ආරම්භයේම බයානක අපරාධ කාරයෙක් පසු පස යන පොලීසියට ඔහු ගැන තොරතුරක් දැනගන්න ලැබෙනවා ඔහු ක්ලබ් එකක ඉන්නවා කියලා. හැබැයි පොලීසිය ඒ වෙනකනුත් දන්නෙ නෑ අපරාධ කාරයා මොන වගේද කියලවත්. කිසිම කෙනෙක් ඔහුව දැකලා නෑ. මෙහෙම ගිය පොලීසිය එම අපරාධ කාරයාට වෙඩි තියලා මරනවා. හැබැයි පස්සෙයි දැන ගන්නෙ ඒ ඔහු නෙමෙයි. වෙන කෙනෙක් කියලා. එතනින් කතාව අවුරුදු 19ක් ඉස්සරහට එනවා. මේ කතාවෙ මුලින්ම නිලියව තමයි අදුන්වලා දෙන්නේ. එයා පොඩි කාලෙ ඉදලම සල්ලි වලට හුගක් ආස කෙනෙක්. දවසක් එයාට එයාගෙ යාලුවෙක් කියපු දෙයක් නිසා ඇමරිකා යන්න ආස හිතෙනවා. ඒ ඇයි. ඒක යන්න හදන්නෙ කොයි විදිහටද කියලා ඔයාල බලලා දැන ගන්න. ඉතින් මේ කාලෙම අපේ නලුවත් සල්ලි කාර කෙල්ලෙක් ඇමරිකාවෙන් කසාද බදින්න හිතාගෙන ඇමරිකා යන්න ලෑස්ති වෙනවා. ඔය අතරෙම් අර මුලදි කිවුව අපරාධ කාරයත් ඇමරිකාවෙ ඉන්න කියලා දැන ගත්තා පොලීසිය ඔහුව අල්ල ගන්න සැලැස්මක් යොදලා නියෝජිතයෙක් ඇමරිකාවට යවනවා. දැන් මේ තුන් ගොල්ලොම ඇමරිකාවෙ ඉදන් මොනවා කර ගනියිද කියලා තමයි ඔයාලට බලන්න තියෙන්නේ. හිතපු නැති විදිහට කතාව සේරම වෙනස් වෙන්නෙ එහෙදි තමයි. එහෙනම් මම සමු ගන්නවා. ඉතුරු හරිය ඔයාලට බාරයි.

තවත් හොද චිත්‍රපටියක් අරගෙන ලගදිම එන්නම්කෝ. මතක ඇතිව අදහසක් දාන්න. මොකද අදහස් ලැබෙනවා හුගක් අඩුයි කියලයි මට දැනෙන්නේ. එකෙන් මට හිතෙන්නේ ඔයාලට තෙලිගු චිත්‍රපටි වලට තියෙන් ආසාව අඩු වෙලා කියල තමයි. එහෙනම් සුබ දවසක්. ස්තූතියි

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රොෂාන් මදුසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. මේක බලන්නම හිතාගන හිටපු ෆිල්ම් එකක් දැන් සබ තියන නිසා හොදට බලන්න පුළුවන් තමන්ගේ වටිනා කාලය කැප කරමින් අපි හැමෝම වෙනුවෙන් කරන මේ සේවය ඉතා උසස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram