spot_img
spot_img

Okka Ammayi Thappa (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ ටිකේ ටැමිල් එවාම දිපු එකේ තෙලෙඟු රසිකයෝ බලනවා ඇති කෝ අපිට තෙලෙඟු චිත්‍ර‍පටියක් කියලා… මැතකදි නිකුත් උන තෙලෙඟු චිත්‍ර‍පටියක් තිබුනේ නැති නිසා 2017 වසරේ නිකුත් උන වගේම තවමත් උපසිරැසි දිලා නැති චිත්‍ර‍පටියකට උපසිරැසි අරන් ආවා. Rajasimha Tadinada විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Sundeep Kishan හා Nithya Menen රංඟනයෙන් දායක වෙනවා. ක්‍රිෂ්නා (Sundeep Kishna) කියන්නේ හයිද්‍රාබාද් වල ජිවත්වෙන තරුණයෙක්… ඔහු පාසල් කාලයේ ගැණූ ළමයෙක්ට කැමැත්තෙන් ඉන්නවා. ඇයට ක්‍රිෂ්නා අමතන්නේ මැන්ගෝ (Nithya Menon) කියලා. කොහොම හරි කිෂ්නා නිතරම තමන්ගේ යාළුවන්ටත් කියමින් මේ මැන්ගෝ දැන් කොහේද ඉන්නේ කියලා හොයනවා… දිනක් හයිද්‍රාබාද් වල ගුවන් පාලමක් උඩදි රියඅනතුරක් සිද්ධ වෙනවා. මේ නිසා ලොකු ටැෆික් එකක් හට ගන්නවා නඟරය පුරාම. පැය ගානක් ගියාත් මේ වාහන තදබදය අඩුවෙන්නේ නැහැ. ක්‍රිෂ්නාත් මේ වාහන තදබදයට හිරවෙලා ඉන්නවා. මේ වෙලාවේදි තමයි ඔහු තමන් හොය හොය හිටපු මැන්ගෝව මේ වාහන තදබදය අස්සේ ඉන්නවා දකින්නේ… නමුත් මේ රිය අනතුර අහම්බෙන් සිදුවු එකක් නොවන බව වගේම ඒක ත්‍ර‍ස්තවාදියෙක් ගේ සැලැස්මක් බව දැනගද්දි මුළු නඟරයම පමා වෙලා වැඩියි… ඉතින් මේ රිය අනතුරක් සිදු කරලා ත්‍ර‍ස්තවාදින් කරන්න හදන සැලැස්ම මොකක්ද වගේම මේ නිසා නඟරයටම ඇති වෙන බලපැම මොකක්ද… ඒ විතරක් නෙමෙයි මේ කලබල අස්සේ ක්‍රිෂ්නාගේ ආදර කතාවටත් මොකද වෙන්නේ කියලා බලන්න වෙන්නේ චිත්‍ර‍පටිය අරන් තමයි.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Okka.Ammayi.Thappa.(2017).Sinhala.Subtitle.rar – Downloaded 419 times – 49 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

 

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram