spot_img
spot_img

Pacific Rim Uprising (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2013 ආපු පැසිෆික් රිම් බලපු අයට නම් මේක එනකල් ඉවසුමක් නැතුව හිටියේ. මොකද අවුරුදු 5කට පස්සේ තමයි ෆිල්ම් එක එන්නේ. ඩොලර් මිලියන 150කටත් වඩා වියදම් කරලා හදපු අලුත් ෆිල්ම් එක මාර්තු 23 තමයි ඇමරිකාවේ තිරගතවීම ඇරඹුවේ.

කතාව යන්නේ 2035දි. ඒ කියන්නේ කලින් යුද්ධය වෙලා වසර 10කට පස්සේ. කලින් කතාවේ හිටපු පෙන්ටකොස්ට් ගේ පුතා, ජේක්, ප්‍රශ්නයක් වෙලා යේගර් නියමුවෙක් ලෙස ඉඳලා පස්සේ ඔවුන් වැඩ තහනම් කරනවා. ඔහු රැකියාව විදියට කරන්නේ යේගර් කොටස් බ්ලැක් මාකට් එකේ විකුණනවා වැඩි ගානකට. මේ අතරේ අහඹු ලෙස හමුවෙනවා අමාරා නමානි කියලා අවුරුදු 15ක පොඩි ගෑණු ළමයෙක්. ඇය තමන්ගේම යේගර් කෙනෙක් හදලා. කොහොමහරි දෙන්නවම අත්අඩංගුවට ගැනෙනවා. ජේක්ගේ වාසනාවකට දෙන්නටම යන්න පුලුවන් එක්කෝ හිරේට. නැත්නම් එන්න වෙනවා යේගර්ලා එක්ක වැඩ කරන්න. ඉතින් එයා තීරණය කරනවා යේගර්ලා එක්ක කලින් වගේම වැඩ කරන්න.

මේ අතර, ඕස්ට්‍රේලියාවේ තිබ්බ කවුන්සිලයක් අතරතුර ඔබ්සිඩියන් ෆියුරිව කවුරුහරි පැහැරගෙන පාලනය කරනවා. ඉතින් එතන ලොකු සටනක් කරන්න වෙනවා කට්ටියට ඒක නවත්වන්න. නියමුවන් කවුද කියලා බලද්දි ඒ යේගර්ගේ ඉන්නේ නියමුවන් නෙවෙයි. කයිජු කොටස් තියෙන්නේ. කයිජු විසින් තමයි යේගර්ව පාලනය කරලා තියෙන්නේ. කයිජුලාව එවන පිටසක්වල ජීවින් අලුත් ක්‍රමයක් හොයාගෙන පෘථිවියට පහරදෙන්න. මේ සැරේ ලේසි නෑ. මොකද මේ සැරේ මිනිස්සුත් සම්බන්ධ කරගෙන! ලොකූ ව්‍යාකූල තත්වයක් ඇතිවෙනවා ලෝකයේම. හිතාගන්න බැරි විදියට. මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බෑ. ෆිල්ම් එක බලලම ඉන්නකෝ එහෙනම්. එවගේම සමාවෙන්න පරක්කු වුනාට. වැඩ අස්සේ කරන්න වුනේ. නිවාඩු දවස නිසා ඉවර කරලා දැම්මා. එහෙනම් ඊළඟ ෆිල්ම් එකෙන් හමුවෙමු. හැමෝටම තෙරුවන් සරණයි!

Pacific Rim (2013) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

Download “Pacific Rim Uprising (2018) සිංහල උපසිරැසි” Pacific.Rim.Uprising.2018.Sinhala.Subtitle.rar – Downloaded 3905 times – 31 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ප්‍රමෝද් ඉන්දුනිත්
pramod@zoom.lk | + posts

Sri Lankan 🇱🇰 Matara 🌊
Xiaomi Fan 📱Mi8 user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram