spot_img

Rampage (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද උදැසන පිටපතක් නිකුත් උන වගේම අද දවසේම කොහොම හරි උපසිරැසිය අරන් ආව කවුරුත් බලාගෙන හිටිය චිත්‍ර‍පටියක් ගැන තමයි මේ කියන්නේ… ප්‍ර‍ධාන චරිතය ගැන කියන්න උවමනා නැහැ අපි කවුරුත් දන්න හඳුනන Dwayne Johnson තමයි රංඟනයෙන් දායක වෙන්නේ. මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂණය බාර වෙන්නේ San Andreas හා Journey 2: The Mysterious Island වැනි චිත්‍ර‍පටි ඔබට ගෙන ආ Brad Peyton වෙතටයි. IMDB දර්ශකයේ මනාප 6.5ක අඟයක් ගන්නටත් මේ චිත්‍ර‍පටිය සමත්වෙලා තියනවා…ඒ වගේම බොක්ස් ඔෆිස් වාර්තාවක් ලෙස මේ චිත්‍ර‍පටිය මිලියන 421ක ආදයමක් ගන්න සමත් වෙලා තියනවා. කොහොම හරි මේ චිත්‍ර‍පටියට වියදම් කරපු ගාන තිරගත කරලා දවස් තුනකින් හෙව්වා කියලා තමයි ආරංචිය නම් ලැබෙන්නේ…

කතාව ගැන කෙලින්ම කියන්නම්… සත්වෝද්‍යානයක සේවය කරන සේවකයෙක් තමයි ඩේවිස් කියන්නේ (Dwayne Johnson) ඔහුගේ ලඟම මිතුරා තමයි ජොර්ජ්. ජොර්ජ් කියන්නේ ලොකු ගොරිල්ලෙක්. දෙන්නා හස්ත සංඥා වලින් එහෙම කතා බහා කරන්න පවා දන්නවා. කොහොම හරි පෘථිවියට පිටතින් සිදුකරන විද්‍යාත්මක පරීක්ෂණයක අතුරු ප්‍රතිඵලයක් විදියට පෘථිවියට පතිතවන ජාන වෙනස්කිරීමේ දියර කුප්පි තුනෙන් එකක් ජෝර්ජ් මතට වැටිම නිසා ඔහු එකවරම දහස් ගුණයකටත් වඩා වර්ධනය වෙන්න පටන් ගන්නවා. මෙහෙම වර්ධන වෙන ජොර්ජ් සත්වෝද්‍යානය කඩා ගෙන නඟරයට පැන දුවනවා. ඩේවිස් කොහොම හරි ජොර්ජ්ව මෙල්ල කරගන්න සමත් වෙනවා එකත් ලොකු ගේමක් දිලා. ඒ අතර තමයි මං අර කියපු කලින් කුප්පි තුනෙන් ඉතිරි දෙක තවත් වෘකයෙක් සහ කිඹුලෙක් ඇඟට වැටිලා ඔවුනුත් දහස් ගුණයක් විතර විශාල වෙලා නඟරයට කඩා පනින්නේ… එතැනින් එහාට සිදුවන සිදුවිම් සියල්ල නැරබිම ඔබට බාර කරමින් මං සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නවීන් රන්දික පෙරේරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram