spot_img

The Owners (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සල්ලී අඩුපාඩු හින්දා ගෙවල් කඩන හොරු ගැන අපිට අහන්න ලැබෙන්නේ අද ඊයෙක ඉදන් නෙවේ. රජ කාලේ ඉදන් ගෙවල් බිදින , ගෙවල් කඩන හොරු ගැන අපිට කතා වලින් අහන්ඩ ලැබිලා තියෙනවා. ඕකට හේතුව ඉදන් ආදායම් විශමතාවය. ඒ කියන්නේ තියෙන එකාට තියෙනවා, නැති එකාට මොකවත් නෑ. මේ වගේ වාක්‍යයක් දාලා මේ කතාව පටන්ගත්තේ, අද මං මේ උපසිරැසි ගෙනාපු ෆිල්ම් එක , ඔය ගෙවල් මංකොල්ල කන්ඩ හදන , තරුණ කණ්ඩායමක්ට වෙන ඇබැද්දියක් අල්ලලා හදපු එකක් හින්දා.

“The Owners” 2020 ප්‍රේක්ෂකයා වෙත නිකුත් කරා. කතාව පොඩ්ඩක් කියන්නම්. හගින්ස් පවුල කියලා වයසක ජෝඩුවක් ඉන්නවා. සල්ලිකාරයෝ. හගින්ස් මහත්තයා ඩොක්ටර් කෙනෙක්. ඕන් ඔය ගෙදර වැඩ කරන කෙනාගේ පුතාගේ යාලුවෝ.. දවසක් මේ ජෝඩුව එලියට ගියාම ගෙදර මංකොල්ල කන්න එනවා.. සේප්පුවක් කඩන්ඩ තමා එන්නේ.. ඇවිත් බලනකොට සේප්පුව ඇමතුම් සේප්පුවක්. වැඩේ කචල් වෙනවා . ඕන් සෙට් එක බලන් ඉන්නවා නාකි ජෝඩුව එද්දී, බයකරලා සේප්පුව ඇරගන්න.. ජෝඩුව ආවට පස්සේ මේ තරුණ මංකොල්ල කාරයන්‍ට වෙන්නේ සේප්පුව කන්න තරම් වැඩක්.. ඒ සීන් එක බලන්න නන් ෆිල්ම් එක බලන්න වෙනවා..

Thriller ෆිල්ම් බලන්න ලොල් වෙච්ච අය නන් මේ ෆිල්ම් එක මගඇරගන්න එපා. මොකද කතාව පටන් ගත්ත විදියට නෙවේ අවසානය තියෙන්නේ. විනාඩි 130ක් පුරාවට කම්මැලිකමක් නැතුව කටේ මැස්සෝ යවාගෙන බලන්ඩ පුලුවන් ෆිල්ම් එකක්. කිස් එකක් දෙකක් තියෙනවා, ඒ උනාට පවුලේ සැමට එකට ඉදන් trilling වෙන්න පුලුවන් එකක්. Game of thrones පිස්සෝ ඉන්නවා නන්, එකේ හිටපු maisie williams ව අමතක නැතුව ඇතිනේ. අර ලස්සන කෙල්ල. ආන් එයා තමා මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය. මං නන් එයා හින්දා තමා ෆිල්ම් එක බලන්න පටන් ගත්තේ 😁😁 ඒ උනාට ෆිල්ම් එකේ අමුතුම ගතියක් තියෙනවා එයාටත් වඩා 😁 ❤

ඔන්න ඉතින් සිංහල උපසිරැසි zoom.lk එකෙන් පුරුදු විදියටම අරන් ආවා. අපේ වචනෙන්ම පරිවර්තනය කරලා, උපසිරැසි කරලා තියෙන්නේ. යන්න කලින් කියන්නේ, මාස්ක් එකක් පාවිච්චි කරලා, අනවශ්‍ය ගමන් බිමන් අඩු කරලා, පරිස්සමින් ඉන්ඩ බලන්න කොල්ලෝ, කෙල්ලෝ. මොකද ඔයාලා රටට වටිනවා. කොරෝණා පරදවමු. ජය වේවා, ආයේ හම්බවෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තරිදු ශාලින්ද
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Over the Moon (2020)
    Save Yourselves! (2020)
    Kajillionaire (2020)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram