spot_img

කොමිට් මෙන්ටල් (2020) TV Series Season (01) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

“හේ, කට්ටිය මොකෝ වෙන්නෙ ඉතිං..?” මං අද ඔයාලට අරන් එන්නේ මීට සතියකට විතර උඩදී AHA වෙතින් OTT රිලීස් උන තෙළිගු වෙබ් සීරීස් එකක් තමයි..ඒකත් එපිසෝඩ් ඔක්කොම..හොදයි මේක ඇවිල්ලා IMDb අගය 7.5ක් අරගෙන තියෙන Comedy/Romance ඝනයට අයත් සීරීස් එකක්. ඒ වගේම මේක “Permanent Roommates” කියන හින්දි සීරීස් එකේ ප්‍රතිනිර්මානයක්.

කථාව මෙහෙමයි කොල්ලෙක් ඉන්නවා නම තමයි “ෆනී”.. නම වගේම එයත් හරිම ෆනී..එයා ඇමෙරිකාවෙ ඉදලා අවුරුදු 3කට පස්සෙ ඉන්දියාවට එනවා තම පෙම්වතිය බලන්න කියලා..එන්නෙ නිකන් යන්න නෙවෙයි.කසාද බදින්න බලාගෙනමයි, කෙල්ල නමින් “අනූ”.. ඇය මොහුට කැමතියි, ඒත් කසාදෙකට සූදානම් නෑ..ඉතිං පොර මෙහෙ ආවට යන්න එන්න ආතක් පාතක් නෑ වගේම හරිම විහිළු කාරයා..පරුෂ වචන 1000ක් කිව්වත්… සත පනහකට ගනන් ගන්නෙ නෑ…උදාහරණයක් කිව්වොතින් කෙල්ල මුට එක දිගට බැන ගෙන බැනගෙන ගියත්, මූ බැනලා ඉවර උනාම කියනවා.. මුකුත් තේරුනේ නෑනෙ කියලා..

ඔහොම ඉන්නකොට තමයි කෙල්ලගෙ තාත්ත ලගට මේ ප්‍රශ්නෙ යන්නෙ, පොර ඊට හපන්,මේ දෙන්නට ලිවින් රිලේෂන්ෂිප් එකක් පවත්ව ගෙන යන්න එක පයින් අවසර දෙනවා.. ලිවින් ටුගෙදර්…ඊට පස්සෙ තමා ආතල් ඉතිං…මේක තනිකරම කොමෙඩියට බර රොමෑන්ස් ස්ටෝරියක්. ඒවගේම “”නා..යිස්/ හේ, අනූ, මොකෝ වෙන්නෙ ඉතිං..?”” කියන පද දෙක තමා හුගක් මතක හිටින්නේ..

කොටස් 5කින් සමන්විත මේ සීරීස් එකේ, එක කොටසක් මිනිත්තු 30 කින් සමන්විතයි..කොටස් පහ මෙහෙමයි..
The Proposal (යෝජනාව)
The Room (කාමරය)
The Couple (කසාද යුවළ)
The Surprise (පුදුම කිරීම)
The Agreement (ගිවිසුම)

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  5ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram