spot_img

47 Meters Down 2 Uncaged (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ආයෙත් මන් එකතුවුනා මේ වසරේ අගොස්තු මාසයේ නිකුත්වුන Adventure,horrorඝනයට අයත් අලුත්ම අලුත් ඉංග්‍රීසි චිත්‍රපටයක් අරගෙන. 47 meter down (2017) නිකුත්වුන චිත්‍රපටය ඔයගොල්ලො හැමෝම බලන්න ඇතිනේ, ඒ චිත්‍රපටයෙම දෙවන සලරුව තමා මන් මේ ගෙනත් තියෙන්නෙ, කලින් එක බලපු කට්ටියනම් ඉතින් දන්නව ඇති කොහොමද ෆිල්ම් එක කියලා. ඇත්තටම ෆිල්ම් එක පටන් ගත්තවෙලේ ඉදන්ම ඇහනම් අහකට ගන්නම හිතෙන් නැ,ඒ තරම් මේ ෆිල්ම් එක දිගට කුතුහලයෙන් බලන්න පුළුවන්.අනික පවුලේ කට්ටිය එක්ක වුනත් එකට ඉදගෙන නරඹන්න පුළුවන්. ඔයාලට මතක ඇති කලින් එකෙ කූඩුවක් ඇතුලේ ඉදන් මෝරු බලන්න ගිහින් තමයි වැඩේ දුරදිග යන්නෙ කියලා.මේකෙ නම් ඇත්තටම වෙන්නෙ තරුණියන් හතරදෙනෙක් අලුතෙන් හොයාගත්ත වතුරෙන් යටවුන පැරණි නගරයක් ගෙදරට හොරෙන් බලන්න ගිහින් ඒක ඇතුලේ හිරවෙන කතන්දරයක්.මේක වංකගිරියක් වගේ විශාල ගුහා තියෙන මුළුමනින්ම වතුරෙන් යට වුන පුරාණයේ මිනිස්සුන්ව වල දාපු නගරයක්.පොඩ්ඩක් බලලා එන්න ගියාට මේ ගුහා අස්සෙ ඉන්න තඩි මෝරුන්ගෙන් නම් මෙයාලට බේරිලා එන්න බැරිවෙනවා.කට්ටියටම පාරත් මගහැරෙනවා.ඒ මදිවට දියවැල්.මේ ගුහා අස්සෙ ඉන්න මෝරු කළුවරේම ඉදලා උන්ගෙ ඇස් අන්ධවෙලා තියෙන්නෙ.එත් උන් ගොඩක් සංවේදියි. ඒ වගෙම හොදට කන් ඇහෙනවා.එත් උන්ගේ ඉලක්කනම් වරදින්නෙ නැහැ.හැබැයි මේ ගොල්ලොත් උත්සහය අත් හරින්නෙ නැහැ.එහෙනම් මේ මාරක මෝරුන්ගෙන් මෙයාලට බේරිලා එන්න පුළුවන්ද කියලා ෆිල්ම් එක අරන්ම බලන්නකො.

 

47 Meters Down (2017) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චානක ජයරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram