spot_img

The Grudge (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න නැවතත් ඔබ හමුවන්න ආව හොරර් ගනයට අයත් චිත්‍රපටයක් අරන්.චිත්‍රපටය The Grudge(2020).හොල්මන් ෆිල්ම් බලන කට්ටියනම් මේ ෆිල්ම් ටික බලලා ඇතිනේ.ඒ ෆිල්ම් මාලාවේ නවතම ෆිලුම තමයි අද අරන් ආවේ. ඔබත් මමත් දන්නවා චිත්‍රපට වලටනම් මේ කාලය එච්චර හොද කාලයක් නෙවේනෙ.ඒක නිසා චිත්‍රපට කර්මාන්තයෙ ඉන්න සියළු දෙනා මේ දවස් වල අමාරු කාලයක් තමා ගෙවන්නෙ.ලොකයේ ගොඩක් සිනමාශාලාවල් මේ වෙනකොට වැහිලා ගිහින්.ඒකනිසා චිත්‍රපටවල රෙටුත් අඩුවේලා තියෙනවා.නමුත් ඉතින් ඔයගොල්ලො දන්නවා මේ චිත්‍රපටමාලාව නම් ගොඩක් හොරර් රසිකයන් අතරට ගිය එකක් කියලා.මුල් ෆිල්ම් ටිකත් බලලා තියෙනවනම් මේ ක බලල තේරුම් ගන්නත් ලේසි වෙයි, චිත්‍රපටයේ මුල්ම ප්‍රදර්ශනය 2020 ජනවාරි මාසයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වේලා තියෙනවා.අධ්‍යක්ෂණය හා රචනය නිකොලස් පෙසී විසින් කර ඇති අතර රංගන දායකත්වයට අපි කවුරුත් දන්නා සුපිරි හොරර් ෆිල්ම් වලට තම රංගන දායකත්වය ලබාදෙන lin shaye මේ ෆිලුමට එකතු වි සිටිනවා,ඒ වගේම අනෙකුත් රංගන ශීල්පීන්ගෙන් ලැබෙන දායකත්වය ඉතා ඉහලයි.

හරි එහෙනම් චිත්‍රපටය ගැන කියනවනම් ශාපයකට ලක්වෙච්ච ගෙදරක සැරිසරන බලගතු ආත්මයන් විසින් එම ගෙදරට පැමිණෙන සියළුම දෙනාටම මරණය අත් කරලා දෙන සිදුවීමක් තමයි චිත්‍රපටයේ තියෙන්නේ,ජපානයේ නිවාසක සාත්තුසේවයෙ සිටි කාන්තාවක් එම ශාපය රැගෙන තමන්ගෙ ගෙදරට එනවා.එහිදි ඇය තමන්ගෙ අතින්ම තම පවුලම මරා දමනවා.ඉන්පසු ගෙදරට එන සියළුම දෙනාට මේ ආත්මයන්ගෙන් බේරෙන්නටනම් හම්බ වෙන්නෙ නැහැ.මේ අතර මේ පිළිබද පරීක්ෂන කරන්න මොල්ඩූන් කියලා පරීක්ශකවරියක් මේ ගෙදරට එනවා.අන්තිමට මෙයාටත් මේ ශාපයෙ බැල්ම වැටෙනවා.මිනීමරුම් වල පරීක්ශණ කරන එක පැත්තකින් තියලා අන්තිමට මෙයාට වෙන්නෙ තමන්ට ඉන්න එකම දරුවා බේරගන්න මේ යක්ශ ආත්ම එක්ක සටන් කරන්න. ඉතින් එහෙනම් චිත්‍රපටය අරන්ම බලන්න අන්තිමට මොකද වෙන්නෙ කියලා.හැමෝටම නිරෝගී සුවය පතන ගමන් නැවත අලුත් චිත්‍රපටයකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

  • ලබාදි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චානක ජයරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram