spot_img

Nobody (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2021 අවුරුද්දෙ ආව තවත් සුපිරිම Action/ Thriller ෆිල්ම් එකක් තමයි අද මේ විදියට අරගෙන එන්නෙ. IMDb හි 7.6ක අගයකුත් Rotten Tomatoesහි 82%ක අගයකුත් ලබාගන්න සමත් වුන මේ Nobody (2021) ෆිල්ම් එක බැලුවට කිසිම පාඩුවක් නැති ෆිල්ම් එකක් කියලා බය නැතුව කියන්න පුළුවන්. අනික මේක R+ ෆිල්ම් එකක්. සමහර ඇක්ෂන් සීන් එක්ක ලේ වැගිරීම් දර්ශනත් තියන නිසා කලින්ම කියලා ඉන්නම් ඒක. මෙහි අධ්‍යක්ෂනය Ilya Naishuller විසින් සහ තිරරචනය Derek Kolstad අතිනුයි සිද්ද වෙන්නෙ. ප්‍රධාන චරිතවලට Breaking Bad, Better Call Saul වගේ සීරීස්වලින් දැකගන්න ලැබුන Bob Odenkirk, Connie Nielsen, Aleksey Serebryakov වගේ නළු නිලියො දායකත්වය දක්වනවා.

කතාව ගැන බැලුවොත් හච් මැන්සෙල් කියන්නෙ සාමාන්‍ය පවුලක පියෙක්. දවසක මෙයාගෙ ගෙදරට හොරු දෙන්නෙක් පනිනවා. ඉතින් මේක නිසා මෙයා හෙන පීඩනෙන් ඉද්දි මෙයා රුසියන් කල්ලියක ලොක්කෙක්ගෙ මල්ලි කෙනෙක් ඇතුලු පිරිසකට ගහනවා. මෙතනින් තමයි මෙයාගෙ සහ පවුලෙ අයගෙ ජීවිත වෙනස් වෙන්න ගන්නෙ. මොනව වුනත් මෙයාගෙ අතීතෙදි අපි හිතන තරම් සාමාන්‍ය ජීවිතයක් ගත කරපු කෙනෙක් නම් නෙවේ මෙයා. වැඩිය කියන්න වුවමනාවක් නැ අනිවාරෙන්ම බලන්න වටින එකක් කියලා ආයෙත් කියමින් අදට සමුගන්නම්. ඔබ සැමට සුභ දවසක්!!🔥💫

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් හා බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram