today-is-a-good-day
More

    Action (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔයාල හැමෝම මග බලාගෙන හිටපු ඔක්තෝබර් මාසයේ නිකුත් වෙච්ච තවත් ක්‍රියාදාමයන් රැසකින් පිරි චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.චිත්‍රපටයේ නම Action 2019 විදියට තමයි නම් කරලා තියෙන්නේ.ඉතින් හිතල බලන්නකෝ නමත් ඇක්ශන් නම් චිත්‍රපටයේ ක්‍රියාදාම කොච්චර තියේවිද කියල. Drama/Action ගණයට අයත් වෙලා තියෙන මේ චිත්‍රපටයට 4.9ක imdb අගයක් ලැබිලා තියෙනවා. දමිල සිනමාවේ සුප්‍රසිද්ධ ක්‍රියාදාම නළු Vishal සමගින් සුරූපි නිලී Thamannah තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් නිරූපණය කරන්නේ

    කතාවත් පොඩ්ඩක් කියලම ඉන්නම්කෝ

    සුබාශ් කියන්නේ ඉන්දීය හමුදාවේ ඉන්න කර්නල් කෙනෙක් එයාගෙ තාත්ත තමයි තමිල්නාඩුවේ සී.එම්.ඉතින් එයාගෙ තාත්තා එයාගෙ ලොකුපුතාට නැතහොත් සුබාශ්ගේ අයියාට එයාගෙ තනතුර දීල දේශපාලනයෙන් සමුගන්න තමයි හිතාගෙන ඉන්නේ.සුබාශ්ගේ අයියාගෙ යාළුවෙක් වන දීපක් මෙහෙතා එයාගේ ව්‍යාපාරයට අනුමැතියක් අරගන්න සුබාශ්ගෙ අයියා ලවා එයාගේ තාත්තගෙන් අත්සනක් අරගන්නවා.නමුත් දීපක් මෙහෙතා ඒ හැමෝවම රවට්ටලා බැංකුවකින් ඒ අත්සන පෙන්නලා කෝටි 4000ක ණයක් අරන් රටෙන් පැනල යනවා.ඒත් එක්කම සුබාශ්ගෙ තාත්තගෙ පක්ෂයේ රැස්වීමකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවෙනවා ත්‍රස්තවාදී කණ්ඩායමකින්.මේ කල්ලිය මෙහෙයවන්නේ සයිඩ් ඉබ්‍රාහිම් මලික් කියන ඉන්දියාවට අත්‍යවශ්‍යම අපරාධකාරයා විසිනි.නමුත් මේ ප්‍රහාරය සුබාශ්ගේ අයියා එයාගෙ තනතුර අරගන්න කරා කියල ජනතාවට ඒත්තු ගනවනවා.ඉන් කම්පාවට පත්වෙන සුබාශ් දිවිනසාගන්නවා.නමුත් මේක දිවිනසාගැනිමක් නෙවෙයි කියල සුබාශ්ට තේරිලා එයා ඒ ගැන හොයන්න ගන්නවා.ඉතින් ඒ සෙවිල්ල නිසා තවත් ගොඩාක් රහස් එලිවෙන්න පටන්ගන්නවා.

    මීටවඩා මං කියන්න යන්නෙ නෑ.මං කියපු විදියට කතාව ටිකක් පිස්සු වගේ කියල ඔයාලට හිතෙයි.ඒත් ඒක එහෙම නෙවෙයි කියල ඔයාලට බැලුවාම හොදටම තේරෙයි. විශාල්ගේ චිත්‍රපටි කොහොමද කියල හැමෝම දන්නවනී? ඉතින් ඔයාලම බලන්නකෝ කොහොමද ඇක්ශන් චිත්‍රපටයේ ඇක්ශන් කියලා

    අවසානයට උපසිරසිය නිර්මාණයට සහය දුන් අපේ ලහිරු සහෝටත් ස්තූති කරලම මම නවතින්නම්
    බුදුසරණයි!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Action.(2019).Sinhala.Subtitle.rar – Downloaded 1172 times – 43 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram