spot_img
spot_img

Alien Romulus (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Alien Romulus (2024) Sinhala Subtitle

 

රේන් කියන්නේ වේලන්ඩ්-යුටානි පතල් ග්‍රහලෝකයේ වහලෙක් විදියට සේවය කරන කෙනෙක්. එයාගේ අරමුණ තමයි ඉර පායන ග්‍රහලෝකයකට පදිංචියට යන එක. ඒක අවශ්‍ය සුදුසුකම් සපුරලා තිබ්බාත්, වේලන්ඩ්-යූටානි කාර්ය මණ්ඩලය එහෙම ලේසියෙන් කෙනෙක්ව නිදහස් කරන අය නෙමෙයි. රේන් ගේ දෙමාපියන් මිය ගිහින් තියෙනවා පතලක සිදුවූ විෂ වායු මුදාහැරීමක් හේතුවෙන්. දැන් රේන් ට ඉන්නේ වේලන්ඩ්-යූටානි සමාගමෙන් අතහැරලා දාලා තිබිලා, රේන් ගේ තාත්තා විසින් අළුත්වැඩියා කරපු කෘතිම මිනිහෙක් විතරයි.

මේ අතරේ, රේන් ගේ යාළුවෙක්, ටයිලර්, වෙනස් ප්‍රවෘත්තියක් ගෙන එනවා. ඒ එයාලාට ඉර පායන ජනපදයක් වුණු යුවාගා වලට යන්න ක්‍රමයක් හොයාගන්න ලැබුණා කියන පණිවිඩය. මේකට අත්‍යාවශ්‍ය සාධයක් සපුරාගන්න තමයි රේන් ට එන්න කියන්නේ. දැන් තමයි කතාව පටන්ගන්නේ. මොකක්ද රේන් ගෙන් අවශ්‍ය දේ? මෙයාලා යුවාගා යන්න හදන්නේ කොහොමද? මෙයාලාගේ මේ වැඩේ සාර්ථක වෙයිද?

මම මේ කියපු කතාව තියෙන්නේ Alien: Romulus (2024) චිත්‍රපටියේ. Fede Álvarez විසින් තිර පිටපත ලියලා, අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේ. Dan O’Bannon සහ Ronald Shusett දෙන්නාගේ චරිත පදනම් කරගෙන තමයි මේ කතාව ලියවිලා තියෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Cailee Spaeny (රේන්), David Jonsson (ඇන්ඩි), Archie Renaux (ටයිලර්), Isabela Merced (කේ) ඇතුළු පිරිසක්. මෙයාලාගේ අති දක්ෂ රඟපෑම තමයි මේ චිත්‍රපටිය සාර්ථක වෙන්න ප්‍රධානතම හේතුවක් වෙන්නේ.

මේ පිටසක්වල චරිත පදනම් කරගෙන Alien නමින් නිර්මාණය වුණු හත්වෙනි කතාව. Alien, Aliens, Alien 3 (1992), Alien Resurrection (1997), Prometheus (2012), Alien: Covenant (2017) කියන චිත්‍රපටි හය මීට කලින් නිර්මාණය වුණා. මේ හත්වෙනි නිර්මාණයට වැඩිපුරම පාදක කරගෙන තියෙන්නේ Alien සහ Prometheus චිත්‍රපටි දෙක. මේවා බලලා නෑ කියලා මේ චිත්‍රපටිය රසවිඳින්න කිසිම බාධාවක් නෑ. හැබැයි, සමහර දේවල් වැඩිදුර සම්බන්ධතා හොයාගන්න නම්, අඩු තරමින් උඩ සඳහන් කරපු චිත්‍රපටි දෙකවත් බලලා තිබ්බා නම් හොඳයි.

හැමෝම දැන් චිත්‍රපටි බලන්න කලින් හොයන්නේ ඒවායේ web ratings ගැනනේ. ඒ නිසා, මේ ලිපිය ලියන මොහොත වෙනකොට ලබාගෙන තිබ්බ ප්‍රෙක්ෂක ප්‍රතිචාර කියන්නම්. IMDb 7.2, Rotten Tomatoes 80%, Metacritic 64%, Google Users 90% තම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. චිත්‍රපටිය නිකුත් කලේ 2024 අගෝස්තු මැද. මේ වෙනකොටත් ලබාගෙන තියෙන ආදායම ඩොලර් මිලියන 350කට වැඩියි.

එහෙනම්, මේ සිංහල උපසිරැසිය එක්ක හැමෝම මේ චිත්‍රපටිය රස විඳින්න. මම බලාපොරොත්තු වෙනවා, මේ උපසිරැසිය නිසා, කෙනෙකුට චිත්‍රපටිය තේරුම් ගෙන රසවිඳින්න හැකිවෙන්න ඇති කියලා. හැමෝටම ජයවේවා!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හා YTS වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Alien Romulus (2024) සිංහල උපසිරැසි” Alien.Romulus.(2024).Sinhala.Subtitle.rar – Downloaded 1842 times – 691 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram