spot_img

Aap Jaisa Koi (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Aap Jaisa Koi (2025) Sinhala Subtitle

පහුගිය ජුලි 11 වැනිදා නෙට්ෆිලික්ස් හරහා නිකුත් උන හින්දි චිත්‍රපටියක් අරන් තමයි මං මේ ගොඩවදින්නේ… මේ චිත්‍රපටිය ෂුවර් එකටම අවුරුදු 30 පැනලා තාම තනිකඩව ඉන්න අයට නම් ලස්සනට සෙට් වේවි.. ඒ මොකෝ කියලා කියන්නම්කෝ…

අර කතාවක් තියනවානේ තමන්ම තනියෙන් ඉන්න එක වෙනයි කවුරුත් නැති නිසා තනිවම ඉන්නවා වගේ පෙන්වන එක වෙනයි කියලා. ගොඩක් අය ඉන්නේ ඔය දෙවැනි කැටගරි එකේ. කවුරුත් නැති නිසා තමයි තනියම ඉන්නේ. ඔයාත් 30 පැනපු වගේ කෙනෙක් නම් තාම ජිවිතේ කවුරුත් නැත්නම් ටිකක් ජිවිතේ ගැන කලකිරිමකුත් එනවා ඇති අනේ මටත් කවුරු හරි උන්නා නම් කියලා. ඒක ඉතින් දැනෙන්න එහෙම වෙන්නම ඕනි. අපේ මේ චිත්‍රපටියේ කතා නායකයා ශ්‍රී ගේ වයස දැන් අවුරුදු 42ක්. ආදරයක් ජිවිත කාලේම ලැබිලා නැහැ කසාද බදින්න ආස උනත් කවුරුත් නැහැ. මොකද ලොකුවට සල්ලි බාගේ තියන කෙනෙක් නෙමෙයි ශ්‍රී කියන්නේ. ඔහොම ඉද්දි ශ්‍රීට පොඩි මංගල යෝජනාවක් එනවා. ගිහින් බලද්දි අවුරුදු 10ක් බාල ඉතාමත් ලස්සන ගැණු ළමයෙක්. එයාව දැක්කාම නම් පෙන්නේ නැහැ කොල්ලෙක් නැතුව ඉන්න කිසිම අඩුපාඩුවක් තියෙනවා කියලා. මේ නිසාම ශ්‍රී මුලින්ම හිතනවා අනේ මොකටද නිකම් හිත රවට්ට ගන්නේ කියලා. එත් මේ ගැණු ළමයා ශ්‍රීට කැමැති වෙනවා. මොනා උනත් ලස්සන කෙල්ලෙක් අනික අවුරුදු 10ක් විතර වැඩිමහල් කෙනෙක්ට ඇයි මේ එක පාරටම කැමැති උනේ?.. මොකක් හරි අවුලක් ඇති නේද කියලා හිතෙනවා නේද? අන්න ඒක තමයි චිත්‍රපටියේ කතාව වෙන්නේ.. ඉතින් මං කලින් කිව්වා වගේ 30 පැනලාත් තනිකඩ නම් මේ චිත්‍රපටිය බලලා හරි සැනසෙන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා. හැමෝටම සුභ දවසක්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ tamilmv වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. ස්තූතියි දර්ශන අයියේ මේකට සබ් දුන්නට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram